දේශීය පුවත්

ක්ෂේත්‍ර හයක් සඳහා මහජනතාව, විවිධ සමාජ සේවා ආයතන ජනාධිපති අරමුදල වෙත පසුගිය වසර දෙක තුළ යොමු කළ ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනු හත්දහසක් කිසිදු අවධානයක් යොමු නොකර ගොඩ ගසා ඇති බව වාර්තා වෙයි. මෙම ලිපි ගොනු ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශ මත අදාළ අංශ වෙත යෙමු කර සහන සැලසිය යුතු වුවත් හිටපු ලේකම් පී.බී. ජයසුන්දර කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා සහන ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් එයද ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව හා විවිධ සමාජ සේවා ආයතන දැඩි අසීරුතාවට පත්ව සිටියහ. ලොතරැයි අලෙවිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනාධිපති අරමුදලට ආධාර හිමි වෙයි.

වෛද්‍ය ආධාර, අධ්‍යාපන හා ශිෂ්‍යත්ව, සුබ සාධන, ආගමික කටයුතු, ක්‍රීඩා හා කලාව, සංස්කෘතික යන ක්ෂේත්‍ර සඳහා වූ ඉල්ලීම්වලට ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා දෙයි.

මෙලෙස ලිපි ගොනු එකතු වීම සහ අවශ්‍ය සහන ලබා නොදීම නිසා ජනාධිපති අරමුදලේ හිටපු ලේකම්වරයා ඉවත් කර නව ලේකම්වරයකු පත් කිරීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් පියවර ගෙන ඇත. දුමින්ද නානායක්කාර නම් නව ලේකම්වරයා මෙම ලිපි ගොනු පරීක්ෂා කර අවශ්‍ය පියවර ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

මේ අතර ‍‍ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු හතරක සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර පරිපාලන නිලධාරීන් පත් කර ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සිටි විශ්‍රාමික ජෙනරාල් කේ.බී. එගොඩවෙල තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ.

මෙම හමුදා නිලධාරියා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකුට අවස්ථාව ලබා නොදීම ඇතුළු තවත් පරිපාලන දුර්වලතා කිහිපයක් නිසා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

නීතිඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධුරයට පත් කර තිබේ. මෙම තනතුරට පත්වීමට පෙර අගමැති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඔහු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

ජනාධිපති අරමුදලේ ලේකම්වරයාද ඉවත් කර ඒ වෙනුවට දුමින්ද නානායක්කාර මහතා පත් කර තිබේ. ජනාධිපති මහජන පැමිණිලි ඒකකයේ අතිරේක ලේකම්වරයාද ඉවත් කර ඇත. නව අතිරේක ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ නිශාන්ත වීරසිංහ මහතාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More