දේශීය පුවත්

ආයතන 69 කට අධිභාර බදු වදී

February 20, 2022 10:34 am | Lanka Lead News

සියයට 25 අධිභාර බද්ද ක‍්‍රියාත්මක කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ව්‍යාපාර අංශ විසින් ඉදිරිපත් කරන ලද විකල්ප යෝජනාද සලකා බලන ලෙස වාණිජ මණ්ඩල රජයෙන් ඉල්ලීමක් කරයි.

මෙසේ ව්‍යාපාරික අංශවල විකල්ප යෝජනා සලකා බැලීමෙන් මේ බද්ද හරහා පෞද්ගලික අංශය මත වන පීඩනය අවම වන ආකාරයට රජයට බදු ආදායම් ඉලක්ක සපුරා ගත හැකි බවද වාණිජ මණ්ඩල පෙන්වා දෙයි.

මේ අනුව ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ මෙම අධිභාර බදු කෙටුම්පත නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි. තම මණ්ඩලයේ සාමාජික අදහස් හා බදු සඳහා වන තාක්‍ෂණික මෙහෙයුම් කමිටුවේ මඟපෙන්වීම මත සකස් කළ යෝජනා පසුගිය ජනවාරි මාසයේදී රජයට ඉදිරිපත් කළ බවද ලංකා වාණිජ මණ්ඩලය කියයි.

සියලූම බදු ගෙවන්නන් මත සියයට 10ක බදු අධිභාරයක් පැනවීම, ආදායම් බදු ගෙවීමේ හැකියාව මත පදනම්ව අනුක‍්‍රමික බදු අධිභාරයක් පැනවීම, බදුභාර සඳහා හිලව් කිරීම සහ මෙම බද්ද ඉදිරි බදු වර්ෂයේ සිට බලාත්මක කිරීම වැනි යෝජනා ලංකා වාණිජ මණ්ඩලය විසින් රජයට ඉදිරිපත් කර තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ මේ අධිභාර බද්දට යටත් වන ආයතන හා පුද්ගලයින් 69 දෙනකු හඳුනාගෙන ඇති බවයි. එම ආයතන 69 සඳහා ගණන් බැලූ විට රු. බිලයන 105ක් (රු.කෝටි 10,500ක්) අධිභාර බද්දෙන් රැස්කරගත හැකි බව හඳුනාගෙන ඇති බව මුදල් ඇමැතිවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More