නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙති.
බෞද්ධ උපදේශක සභාව 13වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.
නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක් කෙරිණ. බෞද්ධ විහාරස්ථාන ලියාපදිංචියේ දී අදාළ නිකායේ මහානායක හිමියන්ගේ සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ නිර්දේශය මත ලියාපදිංචියට අවසර දීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
පුරාවස්තු සහිත භූමි කේන්ද්‍රව පිහිටවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව මහා සංඝරත්නය පැවසූහ.
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සමාලෝචනය කළ අතර ඉදිරි මාස කිහිපය තුළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග මහතා සඳහන් කළේය.
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මැනුම් සඳහා ඉල්ලීම් 484ක් ලැබී තිබේ. ඉන් 64ක මැනුම් කටයුතු සම්පූර්ණයෙන් නිම කර ඇති අතර ස්ථාන 22ක් සඳහා පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින බව මිනුම්පති ආරියරත්න දිසානායක මහතා පැවසීය.
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...