ප‍්‍රධාන පුවත්

පසුගිය බ්‍රහස්පතින්දා දින හිරු නාලිකාවේ පැවති බලය දේශපාලන සංවාදය කාගෙත් වැඩි අවධානයට ලක් විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම විවාදය පැවැත්විණි.

මෙම විවාදය සඳහා අභියෝග කළ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරුන් අතර පැවැති මෙම විවාදය බෙහෙවින් උණුසුම්කාරී විය.

ලොව කිසිම රටක ජනතාව විසින් පත් නොකරන ජනාධිපතිවරයෙකුට ලබාදී නොමැති බලතල වන …..

01.බලය බෙදීම සම්බන්ධ බලතල
02.ජාතික ආරක්ෂාව පිළිබඳ බලතල
03.ජාතික සමගිය පිළිබඳ වගකීම

මෙම විසිවන සංශෝධනය මගින් පත්කරනු ලබන ජනාධිපතිවරයාට ලබාදීම බරපතළ තත්ත්වයක් බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් විවාදයේ දී පෙන්වා දෙන ලදී.

20 සංශෝධනයට අනුව විධායක බලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත් අතර බෙදී යාමෙන් එකිනෙකට වග නොකියන ස්වාධීන බලකේන්ද්‍ර දෙකක් ඇතිවීමේ අනතුර උදය ගම්මම්පිල මහතා විසින් මෙම විවාදයේදී ඉස්මතු කළේය.

ජනාධිපතිවරයා සතුව විධායක බලය පැවතියද 1972 ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය අනුව අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු නිසා ජනාධිපතිවරයාගේ විධායක බලය ස්වාධීනව පාවිච්චි කිරීමේ අවස්ථාව අහුරා තිබුනද විසිවන සංශෝධනයට එවැනි වගන්තියක් එක් නොකිරීමෙන් අගමැති සහ ඇමති මණ්ඩලයට සමගාමීව ඕනෑම විෂයක් සම්බන්ධයෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට ජනපතිට ඇති හැකියාව සම්බන්ධයෙන් ඒ මහතා කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව ජනාධිපතිවරයාටත් ආරක්ෂක අමාත්‍යවරයාටත් එකිනෙකට පටහැනි ලෙස ත්‍රිවිධ හමුදාවට ඒක විට අණදීමට හැකිබව මෙහිදී පෙන්වා දුන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව අධ්‍යාපන සෞඛ්‍ය පොලිසිය වැනි සෑම විෂයක් ගැනම සමාන්තර පාලන දෙකක් රට තුළ පැවැතිමේ අවදානම පැහැදිලි කළේය.

මෙලෙස සමගාමීව විධායක බලය ජනපති සහ ඇමති මණ්ඩලය අතර බෙදා දුන් එකම එක රටක් නම් කරන්නැයි ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගයට නිවැරදි පිළිතුරක් ලබාදීමට ද විජිත හේරත් මන්ත්‍රීවරයා අපොහොසත් විය.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපති පත් කිරීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 කගේ ඡන්දය අවශ්‍ය නම් කිසිවෙකුටත් 113ක් ලබාගත නොහැකි අවස්ථාවක සිදු වන්නේ කුමක්දැයි ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ එයට සෘජු පිළිතුරක් ලබාදීමට අපොහොසත්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා දිගින් දිගටම 20 ලබා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන්නට විය. මෙහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා යළි යළිත් විජිත හේරත් මන්ත්‍රීවරයා ගෙන් අසා සිටියේ ජනතාවට ඇති ගැටලුව 113 ලබා ගැනීම නොව එසේ ලබාගත නොහැකි වුවහොත් සිදු කරනුයේ කුමක්ද යන්න බවයි. විජිත හේරත් මන්ත්‍රීවරයා යළි යළිත් ඒම ප්‍රශ්නයට පිළිතුරු නොදී වෙනත් කරුණු ප්‍රකාශ කරද්දී අවසානයේ වැඩසටහන මෙහෙය වූ සුදේව හෙට්ටිආරච්චි ද එම ප්‍රශ්නයම හේරත් මන්ත්‍රීවරයා යොමුකරමින් පිළිතුරක් බලාපොරොත්තු වුවද දිගින් දිගටම පිළිතුරු ලබාදීමට විජිත හේරත් මන්ත්‍රීවරයා අපොහොසත් වීම දක්නට ලැබුණි.

වැඩසටහනේදී දක්නට ලැබුණු තවත් සුවිශේෂී කාරණාවක් වූයේ විධායක ජනාධිපති ධූරය විසින් රටට සිදු කරන ලද හානි ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන් සියලු කරුණු විධායක බලයක් නොමැති අග්‍රාමාත්‍යවරුන් විසින්ද ඒ අයුරින්ම සිදු කර ඇති බව සිරිමාවෝ බණ්ඩාරනායක රනිල් වික්‍රමසිංහ සහ මාග්‍රට් තැචර් යන අග්‍රාමාත්‍යවරුන් හා සම්බන්ධ ඇතැම් සිද්ධීන් ‍ නිදර්ශන ලෙස පෙන්වමින් ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දීමයි.

එමෙන්ම බුද්ධශාසන ඇමැති ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විහාර සහ දේවාලගම් ආඥා පනත යටතේ නිකුත්කළ නියෝගයක් විධායක ජනාධිපති බලතල භාවිතා කිරීමක් ලෙස දැක්වීමට විජිත හේරත් මන්ත්‍රීවරයා අසාර්ථක උත්සාහයක නිරතවන අයුරු ද බලය දේශපාලන සංවාදයේදී ද දක්නට ලැබුණි.

– කනිෂ්ක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More