ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ විවිධ ජාත්‍යයන්තර සංවිධාන විසින් කරනු ලැබූ බලපෑම් හමුවේ එම පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කළ බව වාර්තාවිය.
එම සංශෝධනය සඳහා අමාත්‍යය මණ්ඩල අනුමැතියද ලැබී තිබියදී මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය සඳහන් කළේ එම පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවය.
ඒ පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය කොමිසමේ සාමාජිකයන්ගෙන් විමසන ලද අවස්ථාවේදී ප්‍රකාශ වූ අදහස් අනුව එවැනි මතයක් ප්‍රකාශ කිරීම සඳහා සභාපතිනියට කොමිසමේ අනුමැතියක් ලැබී නැති බව තහවුරු විය.
ඒ අනුව ඇය මානව හිමිකම් කොමිසමේ සභාපති නිලය යොදාගනිමින් පුද්ගලික මතයක් ප්‍රකාශ කර ඇති බව එම සාමාජිකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...