දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුළුවන ගේටුව වසා එහි පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වන ප්‍රධාන ගේට්ටුවට අගුලු දමමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන මාර්ගයේ වාඩි වි සිසුහු මෙසේ විරෝධථාවයේ නිරත වී සිටියහ.

මෙම විරෝධතාවය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය කටයුතු සඳහා ඇතුලත්වන පුද්ගලයින් හට විශ්ව විද්‍යාලභූමියට ඇතුලත් වීමට නොහැකි වී තිබුණි.

2022 වර්ෂය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිලවරණය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නොපැවත්වීම හේතුවෙන් පැරණි මහා ශිෂ්‍ය සංගමය එක්ව නිලවරනය පවත්වා මහා ශිෂ්‍ය සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට පියවර ගෙන තිබුණි.

නමුත් මහා ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී සිසුන් පත්කිරීමේදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් නොවීම හේතුවෙන් අදාල නිලධාරී සිසුන් පිළි නොගන්නා ලෙසට පාලනාධිකාරිය සිසුන්ට දැනුම්දීම හේතුවෙන් මෙලෙස විරෝධතාවය පැවත්වීමට හේතූ වී ඇත.

විරෝධතාවයේ නිරත වූ සිසුන් විසින් පාලනාධිකාරියට බලකරමින් කියා සිටියේ මහා ශිෂ්‍ය සංගමයට පත්කරගන්නා නිලධාරීන් වහාම පිළිගන්නා ලෙසටය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More