දේශීය පුවත්

අවශ්‍යතාව අනුව කොවිඞ් මර්දන එන්නතේ් සිව්වන මාත‍්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යහේමන්ත හේරත් මහතා ඊයේ (17 දා) පැවසීය.

හතරවන මාත‍්‍රාවක් ලබාදීමට මේ වන විට ලෝකයේ විශාල ඉල්ලීමක් හෝ සූදානමක් නැතත් ඇතැම් රටවල් නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා යොමු කිරීමේදී විශාල මුදලක් අය කිරීම නිසා එන්නත්කරණය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ඒ මහතා පැවසීය.

එය වඩාත් සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය විදේශ ගමන් සඳහා පිටත්වන පුද්ගලයන් වියදම් අවම කර ගැනීම සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම පහසුවක් බවද හෙතෙම කියා සිටියේය.

ඔමික්‍රෝන් ආසාදිත රෝගීන් රෝහල් ගතවීමේ අඩුවක් පැවතීම සහ ඔක්සිජන් අවශ්‍ය දැඩි සත්කාර රෝගීන්ගේද අඩුවක් පැවතියත් නරකම පැත්ත වන්නේ රෝග ලක්‍ෂණ රැසක ආසාදිතයන් සමාජයේ සිටීම බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

එවැනි පුද්ගලයන් හරහා නිවෙස්ගත දුර්වල පුද්ගලයන්ට මෙම රෝගය පැතිරී සංකූලතා ඇතිවී දැඩි සත්කාර සඳහාද යොමුවී අවසානයේ මියයෑමේ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇති බවද මේ පිළිබඳව අවධානය යොමුකර රෝගය බෝවීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට කි‍්‍රයා කළ යුතු බවද පැවසූ ඒ මහතා උණ වැනි රෝගී තත්ත්වයක් තිබේනම් පැය 48ක් ඇතුළත වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු වීමෙන් ඩෙංගු හෝ වෙනත් රෝගයක්ද යන්න තහවුරු කර ගත හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More