දේශීය පුවත්

විදුලි පාරිභෝගිකයන් විසින් පැහැර හැර තිබෙන රුපියල් කෝටි 5000ක විදුලි බිල්පත් ඉක්මනින්ම අයකර ගැනීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත් එම කාලය තුළදීත් බිල්පත් පියවන්නේ නැතිනම් ඒ අයගෙන් අධිභාරයක් අයකර ගැනීමටත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ලංවිමට හා ලෙකෝ සමාගමට දැනුම් දී තිබේ.

ලංවිමට රුපියල් කෝටි 4400ක්ද ලංකා විදුලි පෞද්ගලික සමාගමට (ලෙකො) රුපියල් කෝටි 600ක්ද මෙලෙස හිග මුදල් අයවීමට ඇතැයි ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය මුහුණදී සිටින දැඩි මූල්‍ය අර්බුදයෙන් එම ආයතනය ගලවා ගැනීම සඳහා මෙම පියවර යෝජනා කළ බවත් ඒ අනුව දැනට මාසිකව ගෙවිය යුතු විදුලි බිල්පත් දින තිහක් තුළ අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා උපදෙස් දී ඇත.

ඉකුත් කොරෝනා වසංගතය පැවැති සමයේදී විදුලිබල මණ්ඩල මනු කියවන්නන්ට නිසි පරිදි බිල්පත් ලබාදීමට නොහැකි වීමත් පාරිභෝගිකයින්ගේ ආදායම් ඇහිරීයෑමත් සැලකිල්ලට ගනිමින් විදුලිබල පාරිභෝගිකයින්ට, බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දී තිබිණි.

නමුත් ඉකුත් දෙසැම්බරයෙන් පසුවත් බොහෝ අය විදුලි බිල්පත් ගෙවීම මාස පහක් හයක් තිස්සේ අතපසුකර සිටීම නිසා මේ වන විට රුපියල් කෝටි 5000ක පමණ මුදලක් ලංවිමට අහිමිව ගොස් ඇතැයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය නියාමනය සිදු කරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට හිමිව තිබෙන බලතල යටතේ හි`ග විදුලි බිල්පත් අයකර ගැනීමට අදාළව මෙම නව උපදේශනය ලබා දී ඇත.

කෙසේ වෙතත් මේ රටේ බොහෝ පිරිසක් වසංගතයෙන් පසු දැඩි දුෂ්කරතා මැද ජීවත් වන බැවින් එකතු වූ විදුලිබිල්පත් මාස තුනක් ඇතුළත ගෙවීමට නොහැකි තැනට ඇද වැටී සිටින බැවින් මෙයාකාරයට තවත් අධිභාරයකට යටත් කිරීම අසාධාරණ යැයි ලංවිම වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More