රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීමකට අනුව ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන පරිදි හෙද වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
එහිදී නිලධාරින් අමතා ජනාධිපතිවරයා පවසා සිටියේ “වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවා රටේ එදිනෙදා පැවැත්මට ඉහළ දයකත්වයක් සපයනවා. රටේ මුල්‍ය තත්ත්වය අවබෝධ කරගෙන සමස්ත රාජ්‍ය සේවයටම බලපෑමක් නොවන අයුරින් අනුමත හෙද ගැටළු ලබාදීමට පියවර ගන්න.” යනුවෙනි.
හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම, අතීතයට බලපාන පරිදි හෙද නිලධාරීන් ii ශ්‍රේණියේ සිට i ශ්‍රේණියට උසස් කිරීම, පැය 36ක රාජකාරිය සතියකට දින 5ක පැය 30ක රාජකාරියක් ලෙස සැලකීම රු. 10,000 දීමනාව,,වෛද්‍යය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000 DTA දීමනාව අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල වලටද සමානුපාතිකව ගෙවීම, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100ක අතිරේක සේවා දීමනාව ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ජාතික විශ්වවිද්‍යාලයක් බිහිකිරීම සඳහා හෙද විද්‍යාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන්නේය.
එයට පිළිතුරු ලෙස උසස් අධ්‍යාපන පනත අප්‍රේල් මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
මෙහ්දී ජනාධිපතිවරයා ඓඓ ශ්‍රේණියේ සිට 1 ශ්‍රේණිය දක්වා උසස්වීම් පෙරදාතමින් යුතුව ලබාදී නිල ඇඳුම් දීමනාව ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා මුදල් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
දුෂ්කරතා මධ්‍යයේ වුවද ජනවාරි මාසයේ සිට රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ට රුපියල් 5000ක් ලබා දෙන බව ජනාධිපතිතුමා පැවසීය. “එක් කණ්ඩායමක ඉල්ලීම් ලබා දෙන විට තවත් කණ්ඩායමක් නැවත ඉල්ලීම් කරනවා.” යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා කෙසේ වෙතත් පවතින මූල්‍ය අර්බුද මධ්‍යයේ සියලු ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව සියලු දෙනාම අවබෝධ කර ගත යුතු බව අවධාරණය කළේය.
එබැවින් මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන සමඟ සාකච්ඡා කර සමස්ත රාජ්‍ය සේවයටම බලපෑමක් නොවන අයුරින් හෙද ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් ලේකම් එස්.ආර්.ආටිගල, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිරංසා කළුතන්ත්‍රි, ජාතික වැටුප් කොමිසමේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...