මෙවර ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
තෙල් සංස්ථාව ඒ ආකාරයේ ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලා ඇතැයි ද පැවසූ සංස්ථාව පැත්තෙන් එය සාධාරණ ඉල්ලීමක් බවද කියා සිටියේය.
ලෝක වෙළෙඳ පොළේ ද මේ වන විට ඉතිහාසගත ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා කර ඇතත් තවමත් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී නැති බවත් ඔහු පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ දිගින් දිගටම අලාභ ලබන සංස්ථාව ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමිය යුතු බවයි.
ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 169ක් දක්වාත් අනිවාර්යෙන්ම ඉහළ නැංවිය යුතු බව සංස්ථාව දැනුම් දී තිබේ.
එමෙන්ම මෙවර ඉන්ධන මිල වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් මගී ප්‍රවාහන සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණය කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...