දේශීය පුවත්

මේ අවුරුද්දේ අපිට සම්පූර්ණයෙන් ඩොලර් බිලියන හයක් ණය ගෙවන්න තිබෙන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡුා අවසන් නොකළහොත් ජුනි, ජූලි මාස වන විට ණය ගෙවීමට නොහැකි වන බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සාකච්ඡුාවේ වාර්තාව ලබන සතිය වන විට ලැබීමට නියමිත බවත්, එය ලැබූ වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පක්‍ෂ භේදයකින් තොරව වාද විවාද කර පොදු එකඟතාවකට පැමිණීම යුතුකමක් බවත් වික‍්‍රමසිංහ මහතා කීය.

විශේෂ ප‍්‍රකාශයක් කරමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසඳලා නෑ . රුපියලේ හිඟය තවමත් විසඳලා නෑ. අද රුපියලේ නියම වටිනාකම වෙළෙඳපොළේ වටිනාකම ඇත්ත වශයෙන්ම ඩොලරයට රුපියල් 250 යි. මේ යන විදිහට මේක රුපියල් 275 ටත් යන්න පුළුවන්. එතැනදී නවත්ත ගත්තේ නැත්තන් 300ට යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා. ඒ නිසා විශාල හානියක් සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම දිළිඳු ජනග‍්‍රහණය ලක්ෂ 5 කින් වැඩිවෙලා තියෙනවා. තවත් වැඩිවෙන්න යනවා.

මධ්‍යම පන්තිය කඩාවැටිලා අමාරුවෙන් ජිවත් වෙන්නේ. සමහරුන්ට මධ්‍යම පන්තියෙන් පිටවෙන්න සිද්දවෙනවා. ගොවිතැන විනාශ වෙලා. කුඩා හා විශාල ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ කටයුතු කරන්න භාණ්ඩ ලබාගන්න බැරිවෙලා තියෙන්නේ. ජුනි, ජූලි මාස වෙද්දී අපිට යළිත් ණය ගෙවන්න සිදුවෙනවා. මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 6 ක් ණය ගෙවන්න තිබෙනවා. අපි තාම අයි.එම්.එෆ්. එක්ක සාකච්ඡුා කරලා නැහැ.

ඒ නිසා ජුනි, ජූලිවලට ණය ගෙවන්න අපිට මුදල් හොයාගන්න තිබෙනවා. විදේශ විනිමය ගනුදෙනු බැංකුවලින් ඉවත්වෙලා දැන් කරන්නේ හවාලා ක‍්‍රමයට. ඒ නිසා බැංකු ක‍්‍රමය අතහැරලා තියෙන්නේ. එන සතියේ අයි. එම්. එෆ්. සංවිධානයේ ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය යටතේ හැම සාමාජික රටක් එක්කම අවුරුද්දට සැරයක් ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡුා කරලා වාර්තාවක් දෙන්න ඕනේ. ගිය දෙසැම්බර් මාසේ අයි.එම්.එෆ්. කණ්ඩායම ලංකාවට පැමිණියා. ඒ වාර්තාව එන සතියේ ඉදිරිපත් කරනවා. ඒක අයි. එම්. එෆ්. අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා පිටකරන වැඩසටහනක්.

ඒ වාර්තාව ලැබුණු ගමන් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ගැන අපි විවාදයක් පවත්වමු. ඒක පක්ෂග‍්‍රාහී වෙන්න වුවමනා නෑ. මේ තත්ත්වයට කවුද වගකියන්නේ කියල හොයන්න වැඩක් නැහැ. දැන් තියෙන ඒ වාර්තාවේ යෝජනා අනුව අපි සාකච්ඡ කරමු. එතනින් අපි බලමු මේ ගැන පොදු එකඟතාවයකට මූලික ප‍්‍රතිපත්ති ගැන පොදු එකඟතාවයකට එන්න පුළුවන්ද කියල.

අපේ රටේ තියෙන්නේ එක ජාතික සම්පතයි. ඒ ජාතික සම්පත තමයි තරුණ පරපුර. ඒ කණ්ඩායම ගැන අපි හිතන්න ඕනේ. ඒ අයට අනාගතයක් ඇති කරන්න ඕනේ. දැන් විශ්වාසය නැතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ගැන විශ්වාසය කඩවෙලා තියෙන්නේ.

අපිට කෙටිකාලීන සැලැස්මකුත් ඕනේ. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න මධ්‍යකාලීනව දීර්ඝ කාලීනව සැලැසුම් ඕනේ. මේ සැලසුම් හදන්න අපිට එකඟවුණ එක ආර්ථික රටාවක් තියෙන්න ඕනේ. අවුරුදු 10,15,20 ගෙනියන එක ඒ අපේ යුතුකම. ඒකෙන් අපිට පැනලා යන්න බැහැ. අපි එතනින් පැනල ගියොත් මේ රටේ තරුණ තරුණියෝ අපිට සාප කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More