Uncategorized

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස වනජීවී අමාත්‍ය මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) නියෝග කළ බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

මෙම වනඅලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (15) නියෝග කළ ද, ඇමැතිවරයා එම නියෝගය නොතකමින් අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

ඒ අනුව සිංහරාජය බලා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අලි පැටවීමට ගන්නා ලොරියක්, කඹ, දම්වැල් ආදී උපකරණ ආදිය ද රැගෙන ගොස් ස්ථාගත විය. වනජීවී දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් අලියා නිර්වින්දනය කිරීමේ කටයුතුවලට පැමිණ නොසිටියහ.

ඒ වෙනුවට ශ‍්‍රීලංකා ගුවන් හමුදාවේ පශූ වෛද්‍යවරු කිහිපදෙනෙක් අල්ලන මෙහෙයුමට සහාය පිණිස පැමිණ සිටියහ. ජනාධිපතිවරයාගේ නියෝගය කෙසේ වුවත් මහජනතාවගේ ආරක්‍ෂාව පතා මෙම අලි දෙදෙනා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට ගෙන යාමේ තීරණය වනජීවී ඇමැතිවරයාගේ ස්ථාවරය විය.

ඒ අනුව අලි දෙදෙනා සිටින ඉසව්ව සෙවීමේ කටයුතු සහ අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු ජනාධිපතිවරයාගේ නියෝගය නොතකමින් ඇමැතිවරයාගේ නියෝගය තම වනතුරුත් සිදුවිය.

සිංහරාජ වනාන්තරයට නොදුරු රඹුක ප‍්‍රදේශයේදී අලි දෙදෙනා ගෙනයාමට එරෙහිව, ප‍්‍රදේශවාසීන්, පරිසරවේදීන්, සහ වෙනත් වෘත්තිකයන්ගේ ද සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබිණි.

ඒ අතරතුර වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාට දන්වා තිබුණේ අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු වහාම අත්හිටුවන ලෙසයි.

මේ සම්බන්‍ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ඌව සහ දකුණු පළාත් සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමතිවරයා දුන් නියෝගය අනුව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත සිංහරාජයේ වනඅලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු නවතා දැමූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More