දැනට ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ප‍්‍රමුඛ පෙළේ සමාගම් 20ක් සිය මෙහෙයුම් පුළුල් කිරීම ස`දහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක පමණ ආයෝජනය කිරීමට ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගතව ඇතැයි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
අදාළ ගිවිසුම්ගතවීම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය හා අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු කෙරිණි.
මෙලෙස ගිවිසුම්ගත සමාගම් අතර ඇ`ගලූම් හා උපාංග නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, සන්නිවේදන, සෞඛ්‍ය උපාංග, කර්මාන්ත උපාංග, සෞඛ්‍ය අධ්‍යාපනය, ව්‍යාපාර සේවා බාහිරකරණය සහ අන්තරාල වෙළෙඳාම යන නිෂ්පාදන හා සේවා ක්ෂේත‍්‍රවලට අයත් සමාගම් තිබෙන බව ආයෝජන මණ්ඩලය කියයි.
මෙම ගිවිසුම්ගත වීමේ අවස්ථාවට එක් වූ, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා අදහස් දක්වමින් ලොව පුරා ආයෝජකයින් ආයෝජනය සඳහා මන්දගාමී බවක් පෙන්නුම් කරන අවධියක මෙරට ආයෝජකයින් මෙලෙස තම ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට පෙළඹීම පැසසුමට ලක්විය යුතු බව ප‍්‍රකාශ කළේය.
ඡුායාරූපය – ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය, අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් සහ මාස් සමූහයේ සභාපති මහේෂ් අමලියන් යන මහත්ම මහත්මීන් ආයෝජන ගිවිසුමකට අත්සන් කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...