පසුගිය සති අන්තයේ පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ඳග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගැනීමට ගත් තීරණය හේතුවෙන් මේවන විට දකුණු ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම වර්ජනය කළ යුතු බවට හඩක් සමාජ මාද්‍ය ඔස්සේ නගමින් සිටින දැවැන්ත වැඩපිළිවෙල පිළිබඳව ලංකා ලීඩ් නිවුස් හි විමර්ෂණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසා සිටිවිට එතුමා පවසා සිටියේ “ඔය ආරම්භයක් පමණයි. තව නොබෝ දිනකින් ක්‍රිකට් තරඟයක් ආරම්භ කිරීමට ප්‍රථම බ්ලැක් ලයිව්ස් මැටර් මාදිලියේ ප්‍රතික්ෂේප කිරීමේ විරෝධතා දැක්වීමක් දෙමළ සමූලඝාතන සැමරීම වෙනුවෙන් පැවැත්වීමට ඉඩ තිබෙනව. එවන් දෙයක් සිදුවුන හොත් අපේ ක්‍රීඩකයන් වැටෙන මානසික පසුබෑම ගැන කියන්න අවශ්‍ය නැහැ. මේ පිළිබඳව යුද අපරාධ චෝදනා ගෙනා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ යහපාලන රජය මෙන්ම යුද අපරාධ චෝදනාවලින් සන්නද්ධ හමුදා සාමාජිකයින් මුදවා ගැනීමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයද වගකිව යුතුයි. මෙම රජය පත්වුණේ රණවිරුවන් රකින පොරොන්දුව දීමෙන්. අද වෙනකොට එය ඩීල් දැමීමේ තත්ත්වයට පත්වෙලා. මෙවර ජිනීවා සමුළුව ආරම්භ උනහම බලාගන්න හැකිවේවි එහි රඟ. එක එක සිහින ඩීල් දාල මේ ගැටළුවෙන් ගොඩ එන්න බැරි බව මෙයාලට නොතේරෙන්න විදිහක් නෑ. ඒකත් ඩීල් එකක් විය හැකියි. අපරාදෙ අපිට වෙන්නෙ සිත් තැවුලෙන් මැච් බලන්නයි.” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...