දේශීය පුවත්

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් “2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි පවසයි.එම ප්‍රකාශය මගින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආසන්නයේ සිදුකල යුද අභ්‍යාස නිම කිරීමෙන් පසු නැවත තම සේනාංක කඳවුරු වෙත ගමන් කරන බව රුසියාව නිවේදනය කිරීමත් සමග, ” පූර්ණ ආක්‍රමණයකට අණදීම” තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී ඇති බව‍යි. “වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළා” යනුවෙන් ඇය තම ප්‍රකශයෙන් අවධාරණය කරයි.

“මොස්කව්හි සන්නද්ධ හමුදාවන්ට තම අසල්වැසියාට එරෙහිව ආක්‍රමණයක් සඳහා තවත් පැය කිහිපයක් ගත විය හැක” යනුවෙන් ඉදිරිපත් වූ එක්සත් ජනපද හා යුරෝපීය නිලධාරීන්ගේ සතිපතා වාර්තා සහ ප්‍රකාශයන් පිලිබඳව ඇය තම ප්‍රකාශය මගින් අප්‍රසාදය පළ කරන්නීය.

“2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” එපමණක් නොව “එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළා” යනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා තම ප්‍රකාශය මගින් අවධාරණය කරන්නීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More