ඊයේ (14) පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සකච්ඡාවක් පවත්වමින් පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කන්තලේ සීනී සමාගම විදේශීය සමාගමකට තිස් වසරකට බදු දීම සදහා කැබිනට් පත්‍රිකාවක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ අත්සනින් ඉදිරිපත් කර ඇති බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා,
“කන්තලේ සීනි සමාගම ට සම්බන්ධ ඉඩම සිංගප්පූරුව පදනම් කරගත්ත විදේශික සමාගමකට වසර තිහක් සඳහා ලබා දීමේ ගිවිසුමකට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා පෙබරවාරි මාසෙ 7 වැනිදා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ අත්සනින් තමයි ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කැබිනට් පත්‍රිකාවට අද අනුමැතිය ලබාදීමට නියමිතයි කියලා වාර්තා වෙනවා.
මේ හරහා සිද්ධවෙන්නේ කන්තලේ සීනි කර්මාන්තශාලාව සතු ඉඩම විදේශිය සමාගමකට තිස් වසරකට හිමිකාරිත්වය හිමි වීමයි. කන්තලේ සීනි කර්මාන්තශාලාව 1960 දී එවකට සමාජවාදී රාජ්‍යයක් ව තිබුණු චෙකොස්ලෝවියාව ආධාර වලින් ආරම්භ කළේ. 1986 පමණ වන තුරු ම ඒක පූර්ණ රාජ්‍ය කර්මාන්ත ශාලාවක් විදිහට තිබුණා. 1993 දී ඒක වසා දැම්මා. නමුත් එම කර්මාන්ත ශාලාව වසා දමන් මොහොත වෙන විටත් වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් දොළොස් දහසක් පමණ ඇල්කොහොල් ඉස්ප්‍රිතු ලීටර ලක්ෂ 35ක් පමණ නිෂ්පාදනය කළා. 2015දී යහපාලන ආණ්ඩුව තමයි මුලින්ම ඉඩම සහ කර්මාන්ත ශාලාව අයෝජන කිරීමක නමින් පෞද්ගලීකරණය කිරීමක නිරත වුණේ. ” එම් ජී ෂුගර්ලංකා ප්‍රයිවට් ලිමිටඩ්” කියලා සමාගමක් පිහිටෙව්වා. සමාගමේ කොටස් වලින් සියයට පනස් එකක් රජය සතුයි කියලා කිව්වා. මහා භාන්ඩාගාරය සතු යි කියලා කිව්වා. කොටස් වලින් 49% එස් එල් අයි ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමකට අයිති වුණා.
ඒ සමාගම සිංගප්පූරුව පදනම් කරගෙන තියෙන සමාගමක්. එම සමාගමේ මූලිකයෝ දෙන්නෙක් විදියට ඉන්නවා මව් සි සලිම් සහ මෙන්ඩල් ගෲප් කියන එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය පුරවැසියන් දෙදෙනා. 2016 අගෝස්තු මාසෙ එකොළොස් වැනිදා මේකට අදාළ කොටස් හිමියන්ගේ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමට අනුව මුළු ඉඩමම නෙමෙයි කර්මාන්ත ශාලාව සහ අවට තියන පරිසරය තමයි වසර තිහක් සඳහා පවරන්නේ. හෙක්ටයාර 21,000 ක් පමණ තියෙනවා කන්තලේ සීනි සමාගම සතු ඉඩම් ඒකෙන් හෙක්ටයාර දාහතර දහසක් පමණ උක් වවලා තිබුණා . ඒ ඉතුරු ඉඩම් සියල්ල ගොවීන්ට දෙනවා කියලා තමයි එකඟතාවය තිබුණේ.
මේ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම කළු ගගේ ජලය සහිත ජලාශයක් පිහිටවලා ඒ ව්‍යාපෘතිය යටතේ ජලය ගන්න තමයි සැලසුම් කරලා තිබුණේ. එහෙම තියෙද්දී තමයි 2019 අගෝස්තු මාසෙ හයවෙනිදා සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණයක් විසින් මේ ගිවිසුමේ ඇතැම් කොටස් අවලංගු කළ යුතුයි වෙනස් කළ යුතුයි කියලා දැනුම් දීලා තියෙන්නේ. ඒකට අනුව 2020 අවුරුද්දේ මේ ආණ්ඩුව ආවට පස්සේ 2020 ජූලි මාසේ 16 වෙනිදා අධ්‍යක්ෂක මණ්ඩලය යම් වෙනසක් කරලා මේකට අදාල අලුත් ගිවිසුම් සකස් කරලා තියෙන්නේ. 2021 අගෝස්තු මාසේ 9 වෙනිදා අවුරුදු තිහක බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය දීලා තියෙනවා.ඒකට අනුව 2021 අගෝස්තු මාසේ පස්වෙනිදා අත්සන් කරලා තියෙනවා අවබෝධතා ගිවිසුමක් ඒ අවබෝධතා ගිවිසුම කලින් තිබ්බ එකටත් වඩා සම්පූර්ණයෙන් වෙනස්. මේ කර්මාන්ත ශාලාව සඳහා අවට තියෙන පරිසරය විතරක් නෙමෙයි මුළු ඉඩමම මේ සමාගමට පැවරෙනවා. ජලය ගන්නේ කළුගඟ ව්‍යාපෘතියෙන්නෙ මෙයි කන්තලේ වැවෙන්. ගොවියන්ට බෙදා දෙනවා කියපු ඉඩම් සියල්ල මේ සමාගම සතු වෙනවා. සිංගප්පූරු සමාගම නියෝජනය කරන මව් සී සලීම් තමයි එම් ජී ෂුගර් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමේ සභාපති වරයා විදියට ඉන්නේ. මෙන්ඩල් ගෲප් තමයි ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විදියට ඉන්නේ. මේ සමාගම ඔවුන් අතින් පාලනය වෙන්නේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 300 ක් වැය වෙනවා. ඩොලර් මිලියන 300 ඩොලර් මිලියන හැත්තෑවක් තමයි මේ සමාගම ලබා දෙන්නේ. නමුත් ලාභය බෙදා ගනිද්දී මේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීමට නියමිත පත්‍රිකාවේ තියෙන්නේ පළමු අවුරුදු 10 ඇතුළෙ ලාභයෙන් සියයට 85ක් අදාල ආයෝජකයන්ට යනවා. දෙවැනි අවුරුදු දහය 75% ක් අදාල ආයෝජකයන්ට යනවා. මේ වසර 30 ක බදු ගිවිසුමට අදාළ කැබිනට් අනුමැතිය දැන් ලබා දෙන්න යනවා. මේක වහාම නැවැත්විය යුතුයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...