දේශීය පුවත්

විදුලිබලාගාර ආශ‍්‍රිත ජලය වාරිමාර්ග කටයුතුවලට ඉතිරි කරගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන බැවින් යම්කිසි කාලයකට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සකසා තිබෙන ක‍්‍රමවේදය අද (15 වැනිදා) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ජලාශවල ජලය ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස තුනකට පමණක් බැවින් ජල කළමනාකරණය කර ගැනීමට සිදුවී තිබීම නිසා විදුලි කප්පාදුවකට යෑමට සිදුව ඇතැයි ද ඒ මහතා කීය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (14 දා) දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමෙන් පසු නව ක‍්‍රමවේදයක් සැකසූ බවත් එම ක‍්‍රමවේදය අද ප‍්‍රකාශ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉකුත් කාලය තුළ කප්පාදු නොකර අඛණ්ඩව විදුලිය ලබාදීමේදී ජල විදුලි නිෂ්පාදනය උපරිම වශයෙන් භාවිත කිරීම නිසා ජලාශවල ජල මට්ටම ශීඝ‍්‍රයෙන් පහත වැටුණ බව මේ අතර ලංවීම ඉංජිනේරුවෝ කියා සිටියහ. ඒ අනුව තවදුරටත් ජල විදුලි නිෂ්පාදනය කරගෙන ගියහොත් කෘෂිකර්මාන්තයටත් වතුර අහිමි වන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More