දේශීය පුවත්

සතොස ශාඛා මගින් අලූත් අවුරුදු සමය තුළ සිට ඉදිරියට සම්බා කිලෝවක් රුපියල් 125ක මිලකට ආණ්ඩුව ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බැව් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගාල්ල උණවටුණ ප‍්‍රදේශයේ සතොස අලෙවි සැලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.

සතොස භාණ්ඩ නැතිවීමට හේතුව තමයි පාරිභෝගිකයින් විශාල වශයෙන් භාණ්ඩ රැුගෙන යෑම. දෙසැම්බර් මාසයේ සතොස පිරිවැටුම රුපියල් බිලියන 4.8යි. කෝටි 480ක්. මේ සඳහා බෙදාහැරීමේ ක‍්‍රමය වැඩිදියුණු කරගත යුතුයි. අපේ ජීවත කාලය තුළ මින්පෙර ලබලා තියෙන අර්බුදයක් නෙවෙයි. 1930 න් පසු ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඉන්පසු දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇතිවෙලා තියෙන දැවැන්තම විපත්තිකාරි කාලය තමයි අපි කල්පසු කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩි වසංගතය නිසා මියගිය සංඛ්‍යාව ලක්ෂ 08ට වඩා වැඩියි. එම රටවල කන්ටේනර් ගාස්තු සියයට 140කින් වැඩිවෙලා. නැව් ගාස්තු වැඩිවෙලා. ඛනිජතෙල් මිල ලෝකයේ කිසිදිනක නොවූවිරු ලෙස වර්ධනය වෙමින් තියෙනවා. ඒ නිසා මුළු ලෝකයේම නූල කැඩුණු සරුංගලයක් වගේ භාණ්ඩ මිල පාලනය කිරීමට නොහැකිව ඉහළ යමින් තියෙනවා.

එවැනි අවස්ථාවක තමයි සතොස මගින් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවත් වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුවෙන් ජනතාවට ලබාදීමට සතොස ශාඛා ජාලය ව්‍යාප්ත කරන්නේ. ඒ අනුව ලෝකයේ පාරිභෝගකයන්ට පිළිගත් අයිතිවාසිකම් යටතේ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තියෙනවා. භාණ්ඩ තෝරා ගැනීමේ අයිතිය තියෙනවා. ආරක්ෂාව සලසාගන්න තියෙන අයිතිය ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩයක් පාවිච්චි කළහොත් පාරිභෝගිකයාගේ ජිවිතයට පවා හානි වෙන්න පුළුවන්. සවන් යොමු කිරීමට අයිතියක් තියෙනවා. මහා පරිමාන සමාගම් අඩුම මිල කියලා සම්බා කිලෝවක් රුපියල් 160 කියලා පුවත්පත්වල දමලා තියෙනවා. අඩුම මිල කියලා නාඩු 125 කියා දමලා තියෙනවා. සතොස මගින් රුපියල් 128ට සුපිරි සම්බා කිලෝවක් ලබාදෙනවා. නාඩු කිලෝවක් 105ට තියෙනවා. කැකුළු හාල් කිලෝවක් රුපියල් 105ට තියෙනවා යැයිද ඇමැතිවරයා කීවේය. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රි චන්දිම වීරක්කොඩි මහතාද එක්ව සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More