දේශීය පුවත්

රුපියල් මිලියන 2000කට වඩා වාර්ෂික ආදායම් සහිත පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් එක්වරක් පමණක් අය කිරීමට යෝජිත 25% අධිභාර බද්ද සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු වෙනත් එවැනි අරමුදල් එකොලහ අයත් නොවන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ඒ මහතා විසින් පැහැදිලි කිරීමක් කර ඇති අතර මාධ්‍යය වෙතද අදහස් දක්වමින් ඒ බව තහවුරු කර තිබේ. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ රුපියල් බිලියන 100ක් ඉපැයීමේ උවමනාව පෙරදැරි කර ගෙන මෙම ප්‍රතිපාදනය පැනවීමට අදහස් කළ බවත්  පුද්ගලයන් සහ සමාගම් 69 දෙනෙකු හඳුනාගෙන සිටින බවත් අනාවරණය කළේය.

මේ අයට අමතරව ආන්දෝලනයට තුඩු දී ඇති අරමුදල් වලින් බදු එකතු කළහොත් තවත් රුපියල් බිලියන 85ක් බදු ආදායම් ලෙස තක්සේරු වර්ෂයට ලැබීමට නියමිත බවත් පැවසුවේය. කෙසේ වුවද එම ආයතන මෙම බදු අයකර ගන්නා කාණ්ඩයට ඇතුලත් කර නැති බව අවධාරණය කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතින් මෙම ආයතන බදු ලබා ගත යුතු ආයතන ලෙස හඳුනාගෙන ඇති බව අනාවරණය කළ මුදල් ඇමතිවරයා මෙම තත්වය වැරදියට වටහා ගත් මහජනයා වත්මන් ආණ්ඩුව එම අරමුදල් වලින් 25% අධිභාරයක් ලබා ගැනීමට කටයුතු කිරීමට සූදානම් වන බවට වැරදි වැටහීමක් ඇති කර ගෙන ඇති බවද පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More