කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කිරීමට උත්සහා කරන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙහි ප්‍රධාන ලේකම් කපිල රේණුක පෙරේරා මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී ඔහු පවසන්නේ මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට හිමිවන පරිදි 30ස් වසරක ගිවිසුමකට එළැඹීමට මේ ආණ්ඩුව සැරසෙන බවත් මේ ගිවිසුම තුළ කිසිදු වාසියක් රටට අත් පත් නොවී සීනි ඒකාධිකාරයක් පමණක් බිහිවනු ඇති බවයි.
එම නිවේදනය මගින් මූලික ගැටළු කිහිපයක් මතුවන බව පෙන්වා දෙන අතර ඒවා නම්,
1. කර්මාන්තශාලාව පමණක් නොව වගා බිම්ද සමාගමට පවරා දෙන බැවින් දේශීය උක් වහා කරුවා හට මෙයින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවීම.
2. පැහැදිළි නියාමනයක් නොමැතිව පිරිපහදු නොකළ සීනි ගෙන්වා පිරිසිදු කිරීම සහ ප්‍රති අපනයනය කිරීම සඳහා ගිවිසුම් ගතවීමත් හේතුවෙන්, සමාගමේ ලාභය ඉදිරි වසර 30 දක්වාම සඟවා තම මවු සමාගම් වෙත යැවීමේ අවකාශ උදාකොට දී තිබිම. එහෙයින් රජයට ගිවිසුමේ සඳහන් සුළු ලාභ ප්‍රතිශතයද හිමිවේ යැයි බලා පොරොත්තු විය නොහැකිවීම.
3. සීනි නිෂ්පාදනය, ආනයනය සහ ප්‍රතිඅපනයනය සියල්ලම එක් සමාගමකට හිමිවනසේ මෙන්ම පැහැදිලි කොන්දේසි විරහිතව එළඹෙන මේ ගිවිසුම හරහා සීනි වෙළඳපලේ ඒකාධිකාරය එම විදෙස් සමාගමට හිමිවීම.
යන කාරනා යන කාරනා ප්‍රධාන වන බව පවසා සිටී.
කපිල රේණුක පෙරේරා එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙසම අතීතයේදීද පැවති රජයන් විසින් රටේ ප්‍රධානම වෙළඳ ක්ෂේත්‍රයන් විවිධ විදේශීය සමාගම් වෙත ඒකාධිකාරයක් බිහිවන ලෙස පවරාදීම් සිදු කොට තිබෙන බවයි.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනය විදේශීය සමාගම්වලට පවරා අද වනවිට ශ්‍රීලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඒ වෙනුවට සැලකිය යුතු අලාභයක් වන තැනට පත්ව තිබීම එයින් එක් ප්‍රභල උදාහරණයක් බවද කපිල පෙරේරා මහතා නිවේදනය මගින් පවසා සිටී.
සීනි වෙළඳපලද අනාගතයේ එවන් තත්වයකට පත් කරනුයේ එදා මෙන්ම අදද යම් පිරිසකගේ පුද්ගලික ප්‍රතිලාභයක් පිණිසම යැයි සිතිය හැක්කේ මේ ආයෝජනය තුළින් රටට හෝ රජයට ප්‍රතිලාභයක් හිමි කර ගැනීමට කිසිදු තැතක් නොගෙන, විදේශීය සමාගමට පමණක් ප්‍රතිලාභ අත්වන පරිදි කටයුතු යෙදීමෙන් බව පැහදිලි වන බව කපිල පෙරේරා මහතා පෙන්වා දේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...