මාධ්‍යයවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරන මහජන යුතුකම් කේන්ද්‍රය පවසා සිටින්නේ එම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවය්. මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාල නිවේදනය මගින් සත්‍ය යටපත් කිරීමට ගත් නීච බියගුළු ක්‍රියාවක් බවත් ,ප්‍රහාරකයන්ගේ අරමුණ වි ඇත්තේ එමඟින් සත්‍ය යටපත් කිරීමට හා හොරකම් මැරකම් ජඩකම් තක්කඩිකම් මේ රට තුළ සිදු කිරීමට ඇවැසි හඬක් යටපත් කිරීමට බව පැහැදිලි බවත් පවසා සිටී.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කළ මැර ප්‍රහාරය පිළිකුලෙන් හෙළා දකිනවා
තම මාධ්‍ය මෙහෙවර මගින් සත්‍ය කතා කිරීමට අවස්ථාවක් නොමැති මිනිස්සුන්ගේ හඬ වෙනුවෙන් නිර්භයව මෙහෙයවමින් හොරුන්ට මංකොල්ලකරුවන්ට මිනීමරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට දේශප්‍රේමි සළුපිළි පොරවාගත් තක්කඩින්ට,මේ රට විනාශ කරන පාදඩ දේශපාලුවන්ට එරෙහිව කටයුතු කරමින් සිටී හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට 2022/02/14 දින එල්ල වූ මැර ප්‍රහාරය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.
එය සත්‍ය යටපත් කිරීමට ගත් නීච බියගුළු ක්‍රියාවක් බවත් ,ඔවුන්ගේ අරමුණ වි ඇත්තේ එමඟින් සත්‍ය යටපත් කිරීමට හා හොරකම් මැරකම් ජඩකම් තක්කඩිකම් මේ රට තුළ සිදු කිරීමට ඇවැසි හඬක් යටපත් කිරීමට බව පැහැදිලිය.
පසුගිය කාලයේ චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය භාවිතාව තුළින් මේ රටේ මහා පරිමාණ හොරුන්ට තම හොරකම් කරගෙන යාමට බාධා ඇති විය ,එසේම දේශපාලන මැරයන්ට තම මැර දේශපාලනය කරගෙන යාමට නොහැකි විය ,තවත් විටෙක මේ රට සූරාගෙන කන තක්කඩි දේශපාලුවන්ට එය කරගෙන යාමට චමුදිත ගේ හඬ භාවිතාව බාධාවක් වී ඇති බව මෙමගින් පසක් වේ.
තවත් විටෙක මෙමගින් ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස හංවඩු ගැසීමට බලා සිටින රටට ද්‍රෝහී දේශපාලන එන්ජීඕ කරුවන් ගේ ද කුමන්ත්‍රණයක් විය හැක.
සත්‍යය යටපත් කිරීමට ගන්නා මෙවැනි ක්‍රියාමාර්ගයන් හෙළා දැකිය යුතු සේම එයට සම්බන්ධ වූ සියලු අයවලුන් කඩිනමින් නීතිය ඉදිරියට පමුණුවාලීම ටත් ඒ පිටුපස ඇති සැඟවුණු බලවේගය සොයා ගැනීම රජයේ අදාල බලධාරීන්ගේ වගකීම වේ.
එසේ නොවුනහොත් එහි වගකීම ද අදාල බලධාරීන් විසින් බාර ගත යුතුව ඇත.
එබැවින් කඩිනම් විධිමත් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවාලීම ට කටයුතු කරන ලෙසත් මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට රජය ක්‍රියා කළ යුතු බවත් එම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට අප මහජන යුතුකම් කේන්ද්‍රයද දැඩිව ඒ සඳහා කැප වන බවත් ප්‍රකාශ කරමු.
එසේම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින මේ රටේ සියලු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ලෝකය ඉදිරියේ අප්‍රසාදයට පත් වන අපගේ මාතෘ භූමිය ආරක්ෂා කිරීමට සහ එහි සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වන ලෙසත් මේ රටේ සාධාරණය අයුක්තියට එරෙහිව සත්‍යය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු
මෙය නැති වන්නේ ඔබගේ අපගේ සියලු දෙනාගේම ජීවත්වීමේ අයිතිය හා කථා කිරීමේ නිදහසේ අයිතියයි එයට එරෙහි වන ඕනම කෙනෙකු හට එරෙහි වීම මේ රටේ සාමයට ලැදි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කරණ සියළු පුරවැසියන්ගේ වගකීම වන්නේය
සත්‍ය යටපත් කිරීමට චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකිමු
වසන්ත අල්විස් කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...