දේශීය පුවත්

අධිකරණ නියෝගයට ගරුකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයෙන් ඉවත් වුවත් අනෙකුත් වෘත්තීය සමිති 17 ක සාමාජිකයෝ ඊයේ (13 වැනිදා) වනවිට 07 වැනි දිනටත් වැඩවර්ජනයේ නිතර වූහ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ ආණ්ඩුව මේ වනවිට වෘත්තීය සමිති මර්දනය කිරීමට නීති ගෙනවිත් ඇති බවයි. අධිකරණ නියෝගවලට ගරු කරමින් හෙද සංගමය වැඩ වර්ජනයෙන් ඉවත් වූවත් අනෙකුත් සංගම් වැඩවර්ජනයේ අඛණ්ඩව නිරත වන බවද ඒ මහතා පැවැසීය.

කෙසේ වෙතත් අද (14දා) වාරණ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවත් ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැ`දවුම්කරු රවි කුමුදේශ් මහතා ප‍්‍රකාශ කළේ ඊයේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ සිදු කළ සාකච්ඡුාවේදී වැඩවර්ජනය අඛණ්ඩ ඉදිරියට ගෙන යෑමට එකඟතාවය පළ කළ බවයි. මෙම තීරණය අද විශේෂ මහා සභාව තුළ සාකච්ඡුා කර එකඟතාව ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වලට පැමිණි රෝගීහු ඊයේ හත්වන දිනටත් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ. හෙදියන් සේවයට වාර්තා කර තිබුණත් ඖෂධවේදීන් නොමැතිවීම, රසායනාගාර පරීක්‍ෂණ සිදුකර ගැනීමට නොහැකිවීම වැනි කටයුතුවලදී රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More