දේශීය පුවත්

සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතුළු විශ‍්‍රාම අරමුදල්වල බදු අය කළ හැකි ආදායම මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට එරෙහිව මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් අද (14දා) කැබිනට් මණ්ඩලයේදී දැඩි අවධානය යොමු කෙරෙනු ඇතැයි වාර්තාවේ.

රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මේ යෝජනාවට එරෙහිව අද දින අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වනු ඇතැයිද පැවසේ. මේ අතුරින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ යෝජනාවට දැනටමත් විවෘතව සිය විරෝධය දක්වා ඇති අතර තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ද මේ යෝජනාවට එකඟත්වයක් නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් දැක්වේ.

මේ අධිභාර බද්ද අය කළහොත් 2020/21 වර්ෂයේදී මෙම අරමුදල්වල සාමාජිකයන් අතර බෙදීයන ලාභය සියයට 25 කින් අඩුවීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More