දේශීය පුවත්

රටවල් 157ක නියෝජනයෙන් දකුණු කොරියාවේ පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ප්‍රධාන ආරාධිත දේශනය මෙසේය.

රාජ්‍යතාන්ත්‍රිකයිනි, විශිෂ්ට සහභාගිවන්නනි, නෝනාවරුනි මහත්වරුනි,

අද දින මෙම සමුළුවට සහභාගීවීමට හා මුඛ්‍ය දේශනයක් කිරීමට ලැබීම ගැන මම සතුටුවෙනවා. ස්තුතියි. දකුණු කොරියානු ආරාධනයක් යයි පැවසූවිට, ආරාධනය ඉක්මවා ශ්‍රී ලාංකිකයන්ට සිහිපත්වන්නේ අප දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයයි. ආර්ථික ආධාර, ආයෝජන, තාක්ෂණය, අප ශ්‍රමයට රැකියා, තරුණ කටයුතු හා අන්තර්ජාතික ගනුදෙනු ආදී ක්‍ෂේත්‍රවලදී විශේෂ සහායක් අපට දකුණු කොරියාව සහෝදරයෙකු ලෙස දී තියෙනවා. මම, ආරම්භයේදීම ඒවා මහ සතුටින්, කෘතගුණ පූර්වකව, ගරුකටයුතුව සමරන්නට කැමතියි.

මුලින්ම මට ආරාධනය කළ, මා 2015 සිට හොඳින් හඳුනන හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වූ බැන් කි මූන් තුමන්, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය සම්ඩෙක් හුන් සෙන් තුමන්, ගෝලීය සාම පදනමේ සභාපති ආචාර්ය තෝමස් ජී වොල්ෂ් හා එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය යුන් යන්ග්-හෝ මැතිතුමන් කෘතගුණ පූරවකව සලකන්නේ සතුටින්.

දෙවනුව, මෙම සමුළුවේ දැහැමි පරමාර්ථය වන, ගෝලීය අවධානය ලබන “කොරියන් අර්ධද්වීපයට සාමය උදාකිරීම,” මා සාමයට ආදරය කරන්නෙකු ලෙස සැලකිල්ලට ගන්නවා.

තුන්වැනිව, සරල ලෙස පැවසුවහොත්, සාමූහික අත්දැකීම්, ප්‍රඥාව, අප සූක්ෂ්ම දෘෂ්ටීන් ගොනුකොට, පාර්ශව අතර අවබෝධය, තිරසාර සාමය සහ ලෝකයට සෞභාග්‍යය ලඟාකර දීම වන සමුළුවේ අපේක්ෂිත ප්‍රතිපලය මම ගෞරවයෙන් සැලකිල්ලට ගන්නවා.

ඉන් අනතුරුව, මම මේ සමුළුව සෝල්හි පැවැත්වීම සැලකිල්ලට ගන්නවා. ඒ, සෝල් නගරයේ අලංකාරයට පරිබාහිරව, උතුරු-දකුණු කොරියාවන් එක්සත්කිරීමේ ඓතිහාසික වැදගත්කම නිසසි. අභ්‍යන්තරික හා පරිබාහිර මැදිහත්වීම් නිසා බෙදුණු භූගෝලීය ඒකක දෙක එක්සත් කිරීමට ගත් උත්සාහයන් පිලිබඳව දිගු ඉතිහාසයක් තිබෙනවා. දකුණේ මහා පරිමාන පුනරුදයක් සිදුව ඇතත්, මෙම තත්ත්වය උතුරේ ආර්ථික බිඳවැටීම හා දුක්ඛිතභාවය පුළුල්ව ඇතිකර තිබෙනවා.

මෙවන් තත්ත්වයක් අන් එක්සත් නොවුණු සමහර කරදරකාරී රටවල දකින්නට පිළිවන්. එක්සත්වුණු රාජ්‍ය ජය ලබා තියෙනවා. වෙන්කළ තාප්පය බිඳදමා, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගු ජර්මන් අත්දැකීම මීට අගනා උදාහරණයක්. නව දේශපාලනික ආයතනික සැකැස්මක් හා දැන් දිදුලන ආර්ථිකයක්වන වියට්නාමය තවත් තත්ත්වයක් ප්‍රදර්ශනය කරනවා. මේ රටවල් දෙක එක්සත්වීම ලබාගත්තේ දෙවිධියකටයි.

ජර්මනිය එක්සත් කිරීමේ අත්දැකීමෙන් උගත් පාඩම් හතරක් කොහ්ලර් නම් විචාරකය පවසනවා. ඒවා නම් පළමුව, සිදුවන දෑ කලින්ම දැනගෙන, අසම්භාව්‍යම දෙයට සූදානම් වන්න. නායකත්වය සඳහා කිසිසේත්ම බිය නොවන්න. දෙවනුව: ඔබගේ පොරොන්දු ඉටුකරන්න. ඒ බව අනික් අය දන්නා බව තහුවුරු කරගන්න. තෙවනුව: විදේශ ප්‍රතිපත්තිය ඇරඹෙන්නේ සිය රටෙමයි. සිව්වැනිව: තනියම මේ ගමන නොයන්න. එක්සත්කිරීමෙහි උනන්දු අය මේ උගත් පාඩම් සිහිතබා ගනිතැයි මම විශ්වාස කරනවා.

සිදුවිය හැකි දේශපාලන හා ආර්ථික බිඳවැටීම නිසා, සමහරුන් එක්සත්වීමට එරෙහි වෙනවා. එය බොහෝදුරට සිදුවන්නේ ආර්ථික වශයෙන් සෞභාග්‍යමත් ප්‍රදේශ හෝ ඒකකවලින්. දකුණු කොරියාවෙත් මෙසේ සිදුවී ඇති බව අධ්‍යනයන්ගෙන් ඔප්පුවී තිබෙනවා. ඒ, එක්සත්වීමේ ප්‍රතිපලයක් ලෙස සංක්‍රමණය සිදුවීමෙන් සෞභාග්‍යමත් පිරිස්වල ආර්ථිකයට ඍනාත්මකව බලපෑමක් සිදුවිය හැකි නිසායි. කෙසේවුවද, එක්සත්වීමෙන් ආර්ථික සෞභාග්‍යද ඉටුවන බවත් පුරෝකථනය වෙනවා. එවන් පසුබිමකදී, බෙදාගත් ඉතිහාසය, සංස්කෘතිය, භාෂාව, සම්ප්‍රදාය ආදි සාධක එක්සත්වීම අභිප්‍රේරණය කළයුතුයයි සමහරු තර්ක කරනවා.

මෙහි රැස්ව සිටින ගෞරවනීය සහභාගිවන්නන් බොහෝ දෙනා දන්නා පරිදි කොරියාවන්හි ඓතිහාසික පරිමිතිය සංකීර්ණයි. මෙහි සිටින බොහෝදෙනෙකුට නුහුරු අපේ අත්දැකීම් තුලින් මම ගැටලුවලට ප්‍රවේශ වෙන්නම්. ඊට හේතුවන්නේ සමුළුව සාමූහික අත්දැකීම්, ප්‍රඥාව හා දැක්මේ ගොනුකිරීමක් අපේක්ෂා කරන නිසයි.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දිගුකාලීනව පරම්පරා ගණනක් තිස්සේ අපගේ වාර්ගික ජනකොට්ට්හාසයන් එක්සත්ව සිටියා. ඉඳහිට සබඳතා බිඳුණු අවස්ථා වුවද පූර්ණ වෙන්වීම්ක් සිදුනොවී, සංස්කෘතිය, ආගම, සම්ප්‍රදායන් හා ඇදහීම් පාදකව ඔවුන් මිත්‍රයින් ලෙස සිටියා. එකල ‘සිලෝන්’ යයි හැඳුන්වුනු, අද ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන අපේ රට විදෙශිකයින් විසින් පාලන කළ, විශේෂයෙන්ම විසිවන සියවස මැද භාග සමයේදී, අපේ නායකයින් තමන් කතාකල භාෂාවන්, ඇදහූ ආගම්, අයත්වූ වර්ග ආදිය නොතකා බ්‍ර්තාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමට එක්සත්ව සටන් කළා.

කෙසේවුවත්, දේශීය හේතු හා සමහරවිට බෙදා වෙන්කොට පාලනයට ඇවිලවූ විදේශීය බලපෑම් නිසා, වෛරය, ඊර්ෂ්‍යාව, සතුරුකම වර්ධනයවී, එක්සත්බව අඩුවී, අනතුරට පත්වුනා. මෙය දේශපාලන ගැටුම් බවට පත්වී, පසුව ප්‍රචණ්ඩත්වය වීදි, නගර, ගම් හා කැලෑවල රාජ්‍ය වීරෝධී සටන් බවට පෙරලුනා. එක් වාර්ගික ත්‍රස්තවාදී කණ්ඩායමකින් ඉල්ලීමක් වුයේ වර්ග කිලෝමීටර 65,000ක අප කුඩා දිවයිනෙන් වෙනම රාජ්‍යයක් වෙන්කර ගැනීමටයි අවස්තා කිහිපයකදී අප රජයන් මෙම ගැටලුව නිරාකරණයට පියවර ගත් අතර වරක් නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට 2002 දී පැමිණියද, අවසානයේදී සියල්ල ව්‍යවර්ත වුනා. ඒවා, සාමය උදාකිරීමේදී හා එක්සත්වීමෙදී අසමත්වීම් පිළිබඳව අපට බෙදාහදා ගත හැකි තවත් පාඩමක්.

කොරියානු පරිසරයේදීද මෙවන් අසමත්වීම් නිරීක්ෂණය වෙනවා. මගේ ස්ථාවරය ඔප්පුකිරීමට සැවොම දන්නා අවස්තාවයක් උපුටා දක්වන්නම්. කොරියානු රජයන් දෙක අතර 2018 වසන්තයේ හා ගිම්හානයේදී අතිවිශේෂ සමීපස්තවීමක් දක්නට ලැබුනා. එකිනෙකා මුහුණට මුහුණලා රැස්වීම් කිහිපයක් පැවැත්වුනා. එය දකුණු කොරියානු ජනාධිපති මූන් ජෝ-ඉන් තුමාගේ පියොන්යෑන් සංචාරයෙන් උච්චතමයට පැමිනියා.

මේ සංචාරයෙන් පසු ඒකාබද්ධ ප්‍රකාශයන්, ගිවිසුම්, ක්ෂණික ඇමතුම් මාධ්‍යයන් සහ යුදමුක්ත කලාපය ආසන්නයේ කයෙසොන්හි අන්තර්-කොරියානු සම්බන්ධීකරණ කාර්යාලයක් පිහිටුවීම ඇතුළු විශ්වනීයත්වය ගොඩනැගීමට පියවරවල් ගැනුනා. එවිටත් යුද්ධ කරන පාර්ශව දෙක අතරේ මෙය මුල්ම පූර්ණ කාලීන සන්නිවේදන මාධ්‍යයක් වූ හෙයින්, දෙපාර්ශවයට ‘තානාපති කාර්යාලයක්’ වුනා. 2020 ජුනි මස මැද එය උතුරු කොරියාව විසින් පුපුරවා හැරීමෙන් වසර දෙකක් තුල වූ ප්‍රගතියෙන් වැඩි කොටසක්ද පිපිරී ගියා. එක්සත්බව අත්කරගැනීමේ හා අවසානයේදී සාමය ඇතිකරගනීමේදී කෙනෙකු අත්දකින සංකීර්ණත්වය හා අනපේක්ෂිතභාවය තමයි මේවා.

ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සමාන ක්‍රියාවන්හි නියැලීමෙන් අවසානයේදී අප සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථක වුනා. සාමය උදාකිරීම වෙනුවට අපි යුධ මාර්ගයට පිවිසුනා. එය අපෙන් උගත යුතු යහ පාඩමක් නොවන්නේ යුද්ධය මිනිසාට අතිශයින්ම තිත්තම දෙයක් නිසයි. කෙසේවුවත්, මේ තමා දේශපාලනය, යුද්ධය, තම මහන්තත්ත්වය, පුද්ගලත්වය, සාමසාධන හා එක්සත්වීමේ උත්සාහයන්ට සමහරවිට ප්‍රතිචාර වන අන්දම.

2009 මැයි වලදී ගැටුම අවසානයේදී සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස බැන් කි මූන්තුමා එතුමාගේ ඉමහත් ප්‍රයත්නයන් යෙදුවා. මම සාමය හා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාස කරනවා. ඕනෑම ගැටුම් තත්ත්වයකට පිළියම යුද්ධය නොවිය යුතුයි. එවන් අවස්තාවලදී අපට අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකයන් නැවත ගොඩනැගීමයි. ඒ නිසා අන්තජාතිකය පිලිගත් “සංහිදියා කුලූණු හතර” ක්‍රියාවන් මත පිහිටා අපි සංහිදියාවට පියවර තැබුවා.

කෙසේවුවත්, අන්තර්ජාතිකය අතිශය විප්ලවකාරී හා ක්ෂණික පිළියම් ක්‍රියාත්මකය සඳහා අපේක්ෂාවෙන් දැඩි ඉල්ලීම් කළා. ඒ ඉල්ලීම් අතිසාධනීය වුවද, අවාසනාවකට සංහිදියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීමේදී අපේක්ෂිත වේගයෙන් ධාවනයක් පෙන්වුයේ නැහැ. අපේ ගැටුම වසර 25 ක් ඉක්මවනවා. කොරියාවේ ගැටුම අවුරුදු 70 පමණ වෙනවා. සිදුවූ කැළැල් ගැඹුරු නිසාත්, ඒ නිසාම දැඩි ස්ථාවරයන් දැරීම නිසාත්, තරඟකාරී අවශ්‍යතා සමග කර්කශ අතීතය ඉක්මනින් සමනයවන්නේ නැහැ. පාර්ශවයන්ගේ මමත්වය එළඹුණු තත්ත්වය පාලනය කරනවා. ඒ නිසා ඉවසීම අත්‍යවශ්‍යයි. එය මට ජපන් ජාතික ව්‍යාපාරික ජගතෙකු වූ කොනොසුකේ මට්සුශිටාගේ “චණ්ඩ වාසුළි හමනු ඇත, ඉවසීම උත්තම ගුණධර්මයකි” යන උධෘතය සිහිපත් කරනවා. ඒ නිසා, මෙහිදීත්, පියවරෙන් පියවර තබමින් ඉදිරියට යාම වඩා උචිත වේවි. අපට අවශ්‍ය වන්නේ අඩියෙන් අඩිය පිටිපසට තබන පියවර නොවේ. ඒ වෙනුවට, නොකඩවා සැමවිටම ඉදිරියට තබන පියවරකි.

අපට මුහුණ පාන්නට වූ ආර්ථික බලපෑම දරුණුවූ අතර අපි තාමත් පාර්ශවීය හැසිරීමට වන්දි ගෙවනවා. මේ ශ්‍රී ලංකාවේ අප පමණක් උගත් පාඩමක්ද නොවෙයි. ආසන්නයේත්, දුරස්තවත් බොහෝ එවන් අත්දැකීම් නිරීක්ෂණ වෙනවා. එක්සත් ප්‍රයත්නයන් සරුසාර අස්වැන්නක් ලබා දෙනු ඇති. විශේෂයෙන්ම, එක්සත්වීමට හෝ සාමය ඇතිවීමට ප්‍රථම සමාජ -ආර්ථික අංශයන්හි ජනයා අත්දකින ලද සමහර පහසුකම්, සුවපහසුව සමහරවිට පූජා කිරීමට සිදුවිය හැකියි. එක්සත් වූ විගසම මේ අත්දැකීම ජර්මනිය අත්දුටු අතර අන් තැනක වුවත් එය සිදුවනු ඇති.

කෙසේවුවද, රජයන්, ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය අන්තර්ජාතිකයින්, ගැටෙන කණ්ඩායම්, හමුදා, රටවල් ඒකාග්‍රකිරීමට, එක්සත් කිරීමට, සාමකාමී කිරීමට පිළියම් සොයා ගත යුතුවෙනවා. ඒ, යුද්ධ, ගැටුම්වල ජයග්‍රාකයින් නැති නිසා. ඒවාට කෙටිකාලීන හෝ ක්‍ෂණික විසඳුම්ද නැහැ. අපගේ ගැටුම විශිෂ්ට උදාහරණයක්. කොරියාවේද කරණ ලද අධ්‍යනයන්ගෙන් නැවත එක්සත්වීමට විරෝධයන් ඇති බව මට දැනගන්නට ලැබී තිබෙනවා. කෙනෙකුට කෙටිකාලීන දුෂ්කරතා නිරීක්ෂණය කළ හැකිවුවත්, ඔහු දිගුකාලීන ප්‍රතිපල දෙස බැලිය යුතුයි.

අපගේ ගැටුම 2009 මැයි මාසයේදී අවසන් වුනා. අවුරුදු දොළහක් පසුව ඇතත් අදත් ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන නැති අතර අන්තර්ජාතිකව අපේක්ෂිත පරිදි සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැහැ. ජර්මනිය හා වියට්නාමය එක්සත් කළ ව්‍යායාමය පෙන්වන්නේ වෙනස් දේශපාලන මතවාද දෙකක පරිසරයන් ධනාත්මකව ඒකාබද්ධ විය හැකි අන්දමයි. දේශපාලන ක්‍රමයන් වෙනස් වන හෙයින් කොරියාවේද එය එසේම විය හැකිය. කොරියාව ගැන එවන් ගැටුම් සිදුවිය හැකිමුත් පොදු භාෂාව, සංස්කෘතිය, සම්ප්‍රදායන්, ජීවන රටා, තිරසාර එකාග්‍රවීමකට බඳින මැලියම් ලෙස කෙනෙකුට ධනාත්මකව සැලකිය හැකියි.

දුරදිගු මිසයිල තැනීමට, ඒවා කාන්තාර වලින් හෝ සබ්මැරීන මගින් විඳීමට සම්පත් හා තාක්ෂනය සතුවීම පමණක් එකාග්‍රයට හෝ එක්සත්වීමට සෑහෙන්නේ නැහැ. ඒ සඳහා න්‍යෂ්ටික ප්‍රහාර මගින් තර්ජනය සෑහෙන්නේ නැහැ. මිනිසුන්ට එවන් මිසයිල හෝ න්‍යෂ්ටික ආයුධ මගින් ධනාත්මකව සිදුකළ හැකි සේවය කුමක්ද? එසේම, ඒ සඳහා 38 වැනි අක්ෂාන්ශකය මත රේඛාවක් ඇදීමෙන් එය ඉටු වෙන්නේ නැහැ. ඉන්දියාව හා පකිස්තානය අතරින් රැඩ්ක්ලිෆ් රේඛාව සහ ටිබෙට්, චීනය, භූතානය හා ඉන්දියාවටද අදාලව ප්‍රධාන බ්‍රිතාන්‍ය සමථකරුවූ ශ්‍රීමත් හෙන්රි මැක්මහොන් ඇඳි මායිම් රේඛා ඔවුන්ගේ ගැටළු අදද නිරාකරණය කර නැතිවීමෙන් තහුවුරු කරනවා. දශක ගණකක් තුලත්, සමහරවිට අදත් මේ මායිම්වල ගැටුම් පවතිනවා. මම නැවත පවසන්නේ පෙරකී තර්ජනාන්ගුලි දිගුකරන යුදකාමී උකුස්සන් තීරනාවලියේ සිටින විට මෙය පහසු කාර්යයක් නොවෙයි.

බුදුරජානන් හැර ඉන්දියාව බිහිකළ විශිෂ්ටම ශ්‍රේෂ්ටයා වූ මහත්මා ගාන්ධිතුමා පැවසූ “යුද්ධය දෙවියන්ටත්, මානව වර්ගයාටත් එරෙහි අපරාධයක් නොවේද? එහෙයින්, යුද්ධය අනුමත කළ, සැලසුම් කළ හා යුද්ධ ක්‍රියාත්මක කළ සියලු දෙනාම යුද අපරාධකරුවන් නොවේද?” ප්‍රකාශය මම සිහිපත් කරනවා. අප ඉදිරියේ තේරීම් තියෙනවා. යුද්ධ අනුමත කොට, සැලසුම් කොට, ක්‍රියාත්මක කොට යුද අපරාධකරුවන් වෙනවාද, නැත්නම් කණිෂ්ට මාර්ටින් ලූතර් කිං පැවසූ අන්දමට “අපි යුද්ධ නොකළ යුතුයයි පැවසීම නොසෑහේ. සාමයට ආදරය කළ යුතුයි, ඊට කැපවීම කළ යුතුයි ” යන්න සමග යනවාද?

අපි යුද ලෝලීන් හා යුද අපරාධකරුවන් නොවී, සාමසාධකයන් වන බවටත්, උකහාගත් සාමයේ ප්‍රතිපල, ගෝලීය මානව සංහතියට යහ සිද්ධියක්ම වන හෙයින්, අවශ්‍ය ඕනෑම අන්දමකින් කැපකිරීම් කිරීමටත් දිවුරා පොරොන්දු විය යුතුයි. එවන් කැපකිරීම් නිර්ලෝභීව කරන බලවත් පිරිසක් මේ සමුලුවෙන්ද බිහිවෙතැයි මම ඉත සිතින් අවංකවම පතමින් නිහඬ වෙනවා.

මාහට සාවධානව සවන් දුන් ඹබ සැමට ස්තුතියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More