පසුගිය පෙබරවාරි 6වනදා සිට 8 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වුනු විදේශ අමාත්‍යය මහාචර්ය ජී එල් පීරිස් මහතා දිල්ලි නුවරදී “ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට අතර සබඳතාවල ඉහළම ස්ථානයකට පැමිණ ඇති බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාවේ කනස්සල්ල “අතීතයට යොමු කර ඇති” බවත්ය.
එහිදී පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී අත්අඩංගුවට ගැනීම මේ වන විට ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ ඇති සබඳතාවල “බරපතල” ප්‍රශ්නාර්ථයක් ඇති කර ඇති බවයි.
මැතිවරණ නීති වෙනස් කිරීමට පසුගිය මෛත්‍රීපාල සිරිසේන රජය ගත් තීරණයට සහය දීම නිසා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී “විරාමයක්” ඇති වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට දොස් පැවරීමටද ජී එක්ල් පීරිස් මහතා එම සාකච්ඡාවේදී කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...