වැඩ වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණ ද ඊයේ (11 දා) පස්වන දිනටත් එම වෘත්තීය සමිති වැඩ වර්ජනයේ නිරත විය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා සඳහන් කළේ වර්ජනය සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගය ඊයේ (11 දා) දහවල් වනතෙක් නොලැබුණු බවත් එය ලැබුණු වහාම විධායක කමිටුව රැස්වී ඉදිරියේදී ගනු ලබන කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කරන බවත්ය.
සෞඛ්‍ය සේවාවේ පරිපූරක වෛද්‍ය, හෙද සේවාව, අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීන් 16 ක සාමාජිකයන් වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය නිසා රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බව රෝහල්වලින් වාර්තා විය.
මෙම වැඩ වර්ජනය ළමා, මාතෘ, පිළිකා, වකුගඩු ඇතුළු රෝහල් කිහිපයක කි‍්‍රයාත්මක නොවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...