දේශීය පුවත්

බලශක්ති බලපත‍්‍ර නිකුත් කළද විවිධ හේතූන් නිසා නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 58 ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මේ තත්ත්වය නිසා මෙකී ව්‍යාපෘති 58 මගින් සැපයෙන මෙගාවොට් 129.75 ක විදුලි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකි වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. බලශක්ති බලපත‍්‍රය ලබාදෙන අවස්ථාව වන විට මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, හා වනජීවී දෙපාර්තමේන්තුව යන ආයතනවලින් ලබාගෙන ඇති අනුමත කාලය ඉකුත්වීම නිසා නැවත අනුමැතිය දීර්ඝ

කරගැනීමට ව්‍යාපෘති සංවර්ධනකරුට සිදුවේ. එහිදී අදාළ ආයතන මගින් අනුමැතිය ලබාදීම දීර්ඝ කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හා ප‍්‍රමාද කිරීම නිසා ඉදිකිරීම් කටයුතු ආරම්භ නොකළ මෙගාවොට් 23 ධාරි තාවයක් සහිත ව්‍යාපෘති සංඛ්‍යාව 13 කි. ඉඩම් අත්පත් කරගැනීමේ ප‍්‍රමාදයන් හේතුවෙන් මෙගාවොට් 13 ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් කටයුතු නතර වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More