නීලන් තිරුචල්වම් පදනමේ සභාපතිනි අම්බිකා සත්ගුණනාදන් ශ්‍රී ලංකාව පිළිබඳව යුරෝපීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති කරුණු පිළිබඳව හා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා දක්වා ඇති ප්‍රතිචාරය පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුවේ වත්ත බද්දටදී ඇස්සට දත නියවනවිට නිවට කරණවෑමියාට එළුවත් රැව්ල පානව යන කරුණ සනාත වෙන බවයි. ඇමතිවරයාගේ කරුණු පැහැදිලි කිරීම නිරර්ථක දෙයක්. ඔය කාරණා අම්බිකා පමණක් නොව යුරෝපියන් පාර්ලිමේන්තුවේ අදාල අය දන්නව. කරන්න අත්‍යවශ්‍යම දේ නොකර වෙන වෙන වැඩ කරනවිට ඒ කරන්න සිදුවෙන වෙන වෙන වැඩවල සීමාවක් නැතුව යනව. ඔය තමයි ජනාධිපතිතුමාද සඳහන්කරන්න යෙදුන මධ්‍යස්ථයි කියල හිතන දෙමළ ප්‍රජාවෙ “එන්ගේජ්” වීම. ජනාධිපතිතුමා ඇතුළු මුළු ඇමති මඩුල්ල විතරක් නොවෙයි ආරක්ෂ අංශවල උඩම ස්තරයත් හිතුවත් ඔය මධ්‍යස්ථ දෙමළ ප්‍රජාව “එන්ගේජ්” කරගැනීමෙන් ජීනීවාවල යුද අපරාධ චෝදනා සමනය කරගන්න හැකිවෙයි කියල කවදාවත් එය සිදුවෙන දෙයක් නොවෙයි. අපි දන්නෙ නෑ කවුද මේ දිරච්ච ලනු රජයට දෙන්නෙ කියල. නමුත් රජය කැමැත්තෙන්ම බෙල්ලට තොණ්ඩුව දාගෙන කියනවනම් තොණ්ඩුව තදකරන්න එපා කියල ඊට වැඩිය අඥාණ කමක් තවත් නෑ. රජය ගමන් කරන්නෙ අම්බිකාලට අවශ්‍ය පාරෙ තමයි. රජයයි අම්බිකාලයි දෙගොල්ලොම ඒ බව දන්නව. මේ අනිත් ජනතාව මුලා කරන්න කරන ප්‍රකාශ විතරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...