ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ වරායේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට පැවරීමට එරෙහිව ත්‍රිකුණාමලය බහුජන එකමුතුව විසින් පසුගිය 09 වෙනිදා ත්‍රිකුණාමලය නගරශාලාවේදී පැවැත්වූ විරෝධතා සම්මන්ත්‍රණයට එක් වෙමින් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ එම ගනු දෙනුව එක්කෝ කප්පමක් නැතිනම් වංචාවක් හෝ ගොන් තකතීරුකමක් බවයි.
එම සම්මන්ත්‍රණයට ප්‍රදේශයේ මහ නායක ස්වාමින් වහන්සේලා ඇතුළුව මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු අන්‍යය ආගමික පූජක තුමන්ලා සහභාගි වූහ. එම සම්මන්ත්‍රණය ආචාර්ය පූජ්‍යය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමියන් විසින් සංවිධානය කර තිබුණහ.
එම සම්මන්ත්‍රණයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍යය වසන්ත බණ්ඩාර පවසා සිටියේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ වරද නිවැරදි නොකරන්නේ නම් ජාතික බලවේග මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසවූ ප්‍රමාණය මෙන් දස ගුණයක් මහන්සි වී ආණ්ඩුවට දඬුවම් කරණ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...