දේශීය පුවත්

නව ඉඩම් සංශෝධන සංවර්ධන පනත පිළිබඳව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේම වචනයෙන්,
“මේ එන්නේ ‘පරාජයට පත් වුණු’ යහපාලන ආණ්ඩුව ගේන්න හදලා පසුව අකුලා ගැනීමට සිදුවූ ඉඩම් විශේෂ විධි විධාන පනතම තමයි. එදා එම් සී සී ගිවිසුමට අදාළ මූලික කොන්දේසියක් වුණේ ඉඩම් වෙළෙඳ භාන්ඩයක් බවට පත් කිරීමයි. එදා ඒ පනත මගින් ගොවීන්ට ලබා දී ඇති රජයේ ඉඩම් වලට විකිණිය හැකි ඔප්පු ලබා දීම මගින් ඉඩම් වෙළෙඳ පොළක් හදන්න උත්සහා කළා.දැන් නව පනත මගින් කරන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් තහනම් කර ඇති දේට අවසර ලබා දීමයි. එනම් ඉඩම් මුල්‍යය ආයාතනයක හෝ සංගමයක උකස් කිරීමට අවසර දීමයි.ඒ මගින් සිදු වන්නේ ගොවියා ඉඩම් උකස් කිරීමට පෙළඹවීම සහ ඒ මගින් ඔවුන්ට ඉඩම් අයිතිය අහිමි කරවීමයි.නව පනත යටතේ උකස් කළ ඉඩම සින්න වුවහොත් අදාළ සමාගමට අවසර ලැබෙනවා ඉඩම සින්නක්කර විකුණන්න.අවසානයේදී ගොවියා ඉඩම් අහිමි කෘෂිකාර්මික කම්කරුවෙකු බවට පත් වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More