අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය අමතමින් ජනාධිපතිවරයා සිදු කළ කතාව මේ දක්වා ඔහු සිදු කළ ආවේගශීලීම කතාව ලෙස දේශපාලන අදහස් පළව තිබේ. විශාල අප්‍රසාදයකට ලක්ව පොහොර නිසා ගොවි විරෝධයක් පැනනැගි අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) ගොවීන් ඉදිරියට ගොස් පොහොර ප්‍රශ්නය ගැන කතා කිරීමද විශේෂිතය.
එක් අවස්ථාවක ජනපතිගේ කතාව අතරතුර ජනපති වෙත වැඳගෙන පිරිස් සිටිනුද වාර්තාවිය.කතාවේදී ඔහු මෙසේ කීය.
“පොහොර නැතුව හරි ඇතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩිකරනවා. උදුර ගත්තු ඉඩම් ටික ලබාදුන්නා. ගොවිජනතාව වෙනුවෙන් කැපවෙන්න මම සූදානම්.”
“කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ගොවියව රවට්ටලා. රට අගාධයට ඇද දාන්න හදනවා.පසුගිය අවුරුදු 5 මොකද කළේ. අන්තිමට බෝම්බ ගහලා නැවතුනේ.මාත් සමග එකතුවන්න. විශ්වාසය තබන්න. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්න එපා. එන්නත් ලබාගන්න.”
“වැඩවර්ජන කරන අයගෙන් මම ඉල්ලනවා.. ජනතාව දිහා බලන්න. ඔබේ වගකීම තියෙන්නේ ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි. ජනතාව වෙනුවෙන්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...