කොරෝනා එන්නත්කරණය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් ලංකාව 04 වන ස්ථානයේ පසුවන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කරන ලද ප‍්‍රකාශය අසත්‍ය බව ෆැකට්චෙක් ආයතනය උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි.
ලෝකයේ රටවල් 194 ක් අතරින් එන්නත්කරණය අනුව මුල් රටවල් හතරට ලංකාව අයත් බව ඇමතිවරයාගේ ප‍්‍රකාශයෙන් හැකි යන නමුත් ‘ෆැක්ට් චෙක්’ විමර්ෂණයෙන් හෙලි කරන්නේ එම ප‍්‍රකාශය අසත්‍ය බවය.
ලෝකයේ මුළු ජනගහනයෙන් වැඩිම ප‍්‍රතිශතයක් එන්නත්කරණය කල රටවල් අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 57 වන ස්ථානය බව ඔවුන් පෙන්වා දේ.
ශ‍්‍රී ලංකාව මුළු ජනගහනයෙන් 64.41% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර එන්නත් කරණයේ පළමු තැන බෘනායි රාජ්‍ය ලබා සිටින්නේ ජනගහනයෙන් 90.75%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙනි.
අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් වැඩිම ප‍්‍රතිශතයක් එන්නත් කරණය සිදුකර ඇත්තේද බෲනායි රාජ්‍යයයි. එහි ප‍්‍රතිශතය 116.83% කි.
එම ඛාණ්ඩයේදී ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 46 වන ස්ථානයයි. 16 ට වැඩි ජනගහනයෙන් 84.4% ක ප‍්‍රතිශතයක් ශ‍්‍රි ලංකාවේ එන්නත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...