දේශීය පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද රේගුවෙන් කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බව මව්බිම ලංකා පදනමේ ප‍්‍රධාන ලේකම් හා ඞී.එස්.අයි. සැම්සන් සමූහ ව්‍යාපාරයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්‍ෂ කුලතුංග රාජපක්‍ෂ මහතා ඊයේ (09 දා) පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශය හරහා නව කමිටුවක් පිහිටුවා රටේ කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හඳුනාගෙන, ඒවා වරායෙන් කඩිනමින් නිදහස්කර ගැනීමට අවශ්‍ය නිර්දේශය, මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යෑමේ කමිටුවක් වෙත ලබාදිය හැකි බවට ද කුලතුංග රාජපක්‍ෂ මහතා රජයට යෝජනා කරයි.

අද කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමටවත් ණයවර ලිපියක් විවෘත කර ගැනීමට ඩොලර් නොමැති බව ද වෙනත් අත්‍යවශ්‍ය නොවන නිමි භාණ්ඩ රටින් ගෙන්වීමට වඩා මේ කර්මාන්ත අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට විදේශ විනිමය සැපයීම ඉතා වැදගත් බව ද රාජපක්‍ෂ මහතා කියයි.

දැනට මේ දේ කෙරෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණයි. ඒ නිසා ඒ දේම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය කඩිනමින් නිදහස් කර ගැනීමට ද කරන්න පුළුවන්. කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියල කර්මාන්ත අමාත්‍යාංශය දන්නවා. ඒ නිසා කර්මාන්ත අමාත්‍යාංශය හරහා කමිටුවක් දාලා එය සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

එසේ නොකළොත් කර්මාන්තවලට වැඩ කරගෙන යෑමට බැරි තත්ත්වයක් උදාවන බව ද කුලතුංග රාජපක්‍ෂ මහතා තවදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More