මොහු මෑත කාලයක දී අසීමිත වරප්‍රසාද ලබන තමන්ගේ සභාපති තනතුරු රැක ගැනීම සඳහා අතිගරු ඡනාදිපති තුමාව කීප වරක් ම නොමග යැවු බව ජනාධිපතිතුමා හැර අන් සියලු දෙනාම දන්න කරුනකි. දැං මොහු නැවත කරනු ලබන්නේ ජනාධිපති තුමන්ට බොරු කියමින් ජනතාව කබලෙං ලිපට දැමීමකි.
2021 ඔක්තෝම්බර් මස, තෙශාර කෙටි පනිවිඩයක් රඡයේ ආයතන ප්‍රදානීන් සිටින WhatsApp group එකකට යවමින් පවාසා සිටින්නෙ ඔහු සම්ප්‍රදාය කඩා දමමින් හදිස්සි මිලදී ගැනීමක් ලෙස ගෑස් ඩොලර් 50 කට අඩු අගයකින් මිලදී ගත් බවත් එමගින් ඔහු රටට ඩොලර් 660,000 ඉතිරි කල බවත්ය. මෙහි තවත් විශේෂ කරුනක් වන්නෙ ඔහු ලංකා බංකුවෙ සහ ඡාතික ඉතිරි කිරීමෙ බැංකුවේ සභාපති වරු වන කාංචන රත්වත්ත සහ කේෂල ජයවර්දන යන අය විසින් මෙම මිලදී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි ලබාදුන් බවත්ය. පුදුමය නම් මෙසේ අඩුවට ගත් ගෑස් බිදක් වත් ලිට්රෝ සමාගමට නම් ලැබී නැත. ණයවර ලිපියට සහ එම ගනුදෙනුවට ගිය වියදම් ගැන ප්‍රශ්න වලට පිලිතුරු දීමට මෙම සබාපතීන් තිදෙනාටම අධිකරණ ගානේ රස්තියාදු වීමට අනාගතයේ අවස්තාවක් ලැබීම නොඅනුමානය.
දෙවන සිදුවීම නම් නොවැම්බර් මස පස්වන දින සභාපති තෙශාර විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හරහා මැවූ “ගෑස් ගෝනිබිල්ලාගේ ජවනිකාවය” මෙහිදි ඔහු කියා සිටියේ වත්මන් සැපයුම් කරු ඔහුව බෙල්ලෙං අල්ලා බිත්තියට හිර කර ‘අපෙන් ගෑස් තව අවුරුදු දෙකක් නොගන්නේ නම් අද ගෑස් දෙන්නෙ නැති බවට’ කල අසත්‍ය ප්‍රකාශයයි. එමෙන්ම ඔහු එහිදී කියා සිටියේ ඔහුට ගෑස් දැන් ගන්න මිලට වඩා ඩොලර් පනහකට හෝ ඩොලර් හැටකට ලාබෙට මිලදී ගැනීමට හැකි බවයි. ගෑස් මාෆියාවෙන් ලැබෙන අධික කොමිස් මුදල් කාගේ හෝ සාක්කු වලට යෑම වලක්වන බවත්ය. ඔහු ඉතා කීර්තිමත් බැංකුවකින් අස්වී ජනතා සේවයට පැමිනියේ මෙවන් සොරකම් නැවැත්වීටත් බවය.කාලයත් සමග ඔහුගේ එම ප්‍රකාශයන් තනතුරු රැක ගැනීමට සහ ඔහුගේ වැඩ බැරි බව සැඟවීමට ඔහු දෙඩු වහසිබස් බව මුළුමහත් රටටම තේරුනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ බව නොතේරීම පුදුමයට කාරණයකි.
මෙහිදී සත්‍ය තත්වය වූයේ ලිට්රෝ සමාගම සැපයුම්කරුට ඩොලර් මිලියන 12 ක සීමාවටත් එහා ණයවී සිටීමයි. මෙවැනි අවස්තාවක තමයි වත්මන් සැපයුම් කරුට මුදල් අමාත්‍යංශයේ ඇරයුම පරිදි ලංකාවට ඇවිත් මුදල් ඇමති තුමා පවා හමු වී රටට සහන දායී මාර්ග සැලැස්මක් සහ ස්ථීර ගෑස් සැපයීමකට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නෙ. එම සැලසුමට අනුව, ගෑස් සැපයුම් මිල ඩොලර් 98 කට අඩු කර, වසරක ණය සහනයක් ලබා දීමට සැලසුම් කර තිබුනත් තෙශාර මෙම ගිවිසුමට පයින් ගැසුවේ මුදල් ඇමති තුමා මූලික කරගෙන ගත් තීරන පවා නොසලකමිනි.
දැං මොකද තෙශාරට උනේ???
ලිට්රෝ සමාගමේ ඊළඟ ගෑස් සැපයුම සදහා වූ ලංසු පසුගිය දිනයකදී (01/02/22) විවෘත කිරීමෙන් පසු දැන ගන්නට ලැබුනේ මිල ඩොලර් 98.88 ක් ලෙසත් ණය කාල සීමාව දින 30ක් ලෙසත්ය. වර්තමාන සැපයුම්කරු පෙර දී ලබාදුන් සහන පැකේජය තෙශාර ලබා ගත්තා නං ගෑස් මිල ලාබදායී වන අතර රටට ඉතාමත්ම අවහිරයක් බවට පත්ව ඇති ඩොලර් හිඟය අඩු කර ගැනීමට හැකියාවක් ද තිබුණි .
දැං ඉතිං තෙශාරගෙන් අසන්නට තිබෙන්නේ ,තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ජනතාව ඉදිරියේ බොරු මාෆියා බිල්ලෙක් මවමින් ජනාධිපතිතුමන්ට බොරු කියමින් නැටූ නාටකයේ අවසාන ප්‍රතිඵලය කුමක් ද යන්නයි?
එහි ප්‍රතිඵලය වූයේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මුලික වැදගත්කමක් දෙන බව පැවසූ ජනාධිපතිවරයා කෙරෙහි තිබූ ජනතාවගේ විශ්වාසය ද පලුදු කරමින් නිවෙස් වලට ගෑස් බෝම්බ ලබාදුන් නූතන සහරාන් ලෙස වත්මන් සභාපති තෙශාරව හැඳින්වීමට සිදුවීමයි .
තවද ඩොලර් 50ට අඩුවෙන් ගෑස් ලැබෙනවාද කියා බොරුවට අධිපති මේ වත්මන් සභාපති තෙශාරගෙන් අපි ඇසිය යුතුය
වත්මන් ලංසුකරුවං ගේ වසර 20කටත් වැඩිය පැරනි නෞකා තාක්ෂණික කමිටුවට පිටුපාමින් අනුමත කෙල් ඇයි?? කුට්ටියක් ඔයාට එනවද??
තාක්ෂණික කමිටුවේ අනුමැතියක් නොමැතිව තරග කරුවෙකුට ලංසු වලට සහභාගී වීමටත්, තරග කරුවෙකුගේ පහසුකම් පාවිච්චි කිරීමටත් ඒකමතික අවසර ලබා දුන්නෙ ඇයි? මෑතකදී ගෑස් පිපිරෙව්වෙ මෙම තරගකරු සමග තියෙන හොර ගිවිසුමක් නිසාද??
මෙවැනි භාරදූර භාරදූර වගකීමක් සහිත රටේ ආර්ථික සමාජීය දේශපාලන ස්තරයන්ට බලපෑමක් කරනු ලබන ආයතනයකට රටේ මහජනතාව සහ රටේ ජනාධිපතිවරයා නොමඟ යවමින් බොරු නාටක රඟ දක්වන වැඩ බැරි පුද්ගලයන් ඉහළ පුටුවලට එසේත් නොමැතිනම් සභාපති නම් සභාපති තනතුරු වලට පත් කිරීමෙන් අපකීර්තියට සහ අප්‍රසාදයට පත් වන්නේඅතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය බව කිව යුතුමයි.තවද මෙම අදූරදර්ශී සභාපතිවරයා නිසා රටේ අහිංසක ජනතාවට ද මරු පහරක් වැදී ඇති බව කිව යුතුමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...