දේශීය පුවත්

උතුරු මුහුදට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා 135 ක් වෙන්දේසි කිරීමට යාපනය කරෙයිනගර් ධීවර වරායෙදී නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
අදාල ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි කිරීමේ අවස්ථාවට යාපනයේ ධීවරයින් මෙන්ම දිවයින් විවිධ ප්‍රදේශයන්හි සිට ගනුදෙනුකරුවන් පැමිණ සිටි අතර ධීවර යාත්‍රා වෙන්දේසියෙන් රුපියල් පනස් දෙලක්ෂ 20,500 ක මුදලක් රජය විසින් උපයාගනු ලැබීය.
වෙන්දේසියට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවල වැඩිම මිලකට වෙන්දේසි වී ඇත්තේ අඩි 48 ක් දිගින් යුත් යාත්‍රාවක් වන අතර එය රුපියල් 13 ලක්ෂ 50,000 මුදලකට වෙන්දේසි විය.

කෙසේ වෙතත් නාවික හමුදා භාරයේ ඉන්දීය ධීවර යාත්‍රා 155 ක් සහ මෙරට ධීවරයින්ගේ යාත්‍රා 3 ක් තිබූ අතර ඉතිරි යාත්‍රාද සියල්ලක්ම ඉදිරි දිනයන්හි වෙන්දේසි කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

මේ අතර අදාල ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි නොකරන ලෙසට ඉල්ලමින් ඉන්දීය ධීවර සංගම් කිහිපයක් විසින් තමිල්නාඩු මහඇමතිවරයාට ලිපියක්ද භාර දෙමින් ශ්‍රීලංකා රජයට බලකරන ලෙසටද ඉල්ලා තිබෙන අවස්තාවක මෙලෙස ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි විය.

එමෙන්ම පසුගිය දින කිහිපය තුලදී ඉන්දීය ධීවරයින් සහ උතුරු ධීවරයින් අතර අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇතිව තිබෙන අතර උතුරු ධීවරයින්ගේ යාත්‍රා සහ දැල් ආම්පන් විශාල ප්‍රමාණයක් ඉන්දීය ධීවරයින් විසින් හානි කොට ඇති බව පවසමින් යාපනයේ ධීවරයින් ස්ථාන කිහිපයක විරෝධතාවන්ද දියත් කරන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More