දේශීය පුවත්

රජය ජනතාව මත බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටිනවා යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඊයේ (08 දා) පැවසීය.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ, වැට් බදු සංශෝධනය හා අධිකාරි බද්ධ සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදුපිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා ඊයේ (8 දා) කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් පැවසීය.

අධිකාරි බද්ධ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ‍්‍රාම වැටුප් අරමුදලෙන් හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් 25% ක බද්දක් අයකර ගැනීමට කටයුතු කිරීම ගැන මුදල් අමාත්‍යාංශය ලැජ්ජාවිය යුතු බවද විජයවර්ධන මහතා පැවසීය.

විදුලි අර්බුද, ගෑස් අර්බුද ඇතුළු ගැටලූ ගණනාවක් නිසා ජනතාවට ජීවත් වෙන්න නොහැකිව සිටින විට විශ‍්‍රාම වැටුප් අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල වැනි අරමුදල්වලටත් විදින්නයි මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. මේ අරමුදල් සමාගම් නොවෙයි කියලත් කියන්න ඕනෑ යැයි ද ඒ මහතා කීය.

මේ වනවිට ආණ්ඩුව මේ අරමුදල්වලින් බදු ගන්න යන ක‍්‍රමයට දෙපාරක් බදු ගන්න යන බව පේනවා. එක අවස්ථාවක අරමුදලට දායකත්වය දරන සමාගම් වලින් බදු ගන්නවා. තවත් අවස්ථාවක අරමුදලෙනුත් බදු ගන්නවා. මෙය කොතරම් අසාධාරණ දැයි ආණ්ඩුව බැලිය යුතු යැයි ද විජයවර්ධන මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More