බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන වැඩකාරයෙකු බව පොහොට්ටුවේ ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කලද අද වනවිට එය බොරුවක් බවට පත්ව තිබෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ පසුගියදා තම පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම සදහා මිගමුව පෙරිය මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රී ගුණරත්න මහතා
‘අද ආණ්ඩුව මැතිවරණ කල් දමමින් වෙන වෙන ක්‍රම හරහා බලය තහවුරු කරගනිමින් තමන්ගේ ගජමිතුරන් වටකරගෙන මිනිස්සු නොමරා මරණ අත්තනෝමතික පාලනයක් ගෙන යනවා.පළාත් සභා මැතිවරණය දැන් වසර ගණනාවක් ප්‍රමාද කරලා සම්පුර්ණයෙන්ම පළාත් සභා ආණ්ඩුවට අවශ්‍ය විදියට හිතුමතේ පාලනය කරනවා.පසුගියදා පළාත් පාලන මැතිවරණය ඇමතිවරයා සතු බලය පාවිච්චි කරලා කල් දැම්මා.සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය අද රටට කරදරයක් බවට පත්වෙලා ජනාධිපතිවරයා මොන චේතනාවෙන් දැක්ම ඉදිරිපත් කෙරුවත් දැන් වාදනය වෙන්නේ පුරුදු තැටිය බව රටේ ජනතාවට පේනවා.ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතාවට පටි තද කරගන්න කියල රුපවාහිනි තිරය ඉස්සරහ පුරසාරම් කියනවා නමුත් ඒ අය අවුන්සයක තරම්වත් කැපකිරීමක් කරපු බව අපිට පෙන්නේ නැහැ.
අද විපක්ෂයත් සැබෑ ජනතා පක්ෂ කතා නොකර පුරසාරම් කියවමින් රට වටේ යනවා විපක්ෂයේ නායකයෝ දැම්ම ඉදන්ම ජනාධිපති හීන දකිනවා.ජනාධිපති තෝරන්න තව වසර ගණනාවක් තියෙනවා.මම තමයි ජනාධිපති කියා කියා යාම නවත්වලා මේ අද ජනතාව පෙලන ප්‍රශ්න ගැන කතාකරන විපක්ෂයක් රටට ඕනේ කියල අපි මේ අයට කියන්න කැමතියි.ඒ වගේම ප්‍රාදේශිය සභා මැතිවරණය කල් දැමීම ගැන විපක්ෂයේ බහුතරයක් පක්ෂ නිහඩයි අද ආණ්ඩුව වැඩ ලක්ෂයක් පටන් අරන් ලොකු ලොකු සංදර්ශන තියල වැඩ පටන් ගන්නවා නමුත් අපිට පේනවා ඒවගෙන් බොහෝ වැඩකටයුතු මුල් ගල් වලට සහ පීත්ත පටි කැපීමට සීමාවෙලා
මම මුලදී කිව්වා වගේ බැසිල් රාජපක්ෂ මහත්තයා සැබෑ වැඩ කාරයෙක් නම් දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න ඕනේ. තියල පොහොට්ටුව දිනවලා පෙන්වන්න ඕනේ. අපි අභියෝග කරනවා අපි පැහැදිලිවම ගමේදී බැසිල්ට හා පොහොට්ටුවට හොද පාඩමක් උගන්වනවවා දැන් රැල්ලට දිනපු කාලය ඉවරයි ආණ්ඩුවේ අයට වගේම ආණ්ඩුවේ අගුපිල්වල ලගින පක්ෂවලටත් අද ගමට යන්න බැහැ. ඒ අය ආණ්ඩුව ඇතුලේ ඉදගෙන සියළු වරදාන භුක්ති විදිනගමන් ඉදල හිටලා ආණ්ඩුවට බොරුවට ගොරවනවා දැන් මිනිස්සු දන්නවා මේ කරන්නේ බොරුවක් බව’
– කිර්ති දුනුවිල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...