පසුගිය පෙබරවාරි 04 වැනිදා දුම්මලසූරිය, යගම්වෙල, අරිකාමම් ග්‍රාමයේ මස්ජිදුල් අක්බාර් ජුම්මා පල්ලියේ පැවැති නිදහස් දින සැමරුම් උත්සවය සංවිධානය කළ සමස්ත ලංකා සූෆි අධ්‍යාත්මික සම්මේලනයේ, සහ එහි දුම්මල සූරිය ශාඛාවේ පිරිසකට වහාබ් අන්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
මේ ප්‍රහාරය හේතුවෙන් කිහිපදෙනෙකුටම තුවාල සිදි වී දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවද වාර්තාවේ.
වහබ්වාදී මැරයන් විසින් උත්සව භූමියේ සිටුවා තිබූ ජාතික ධජ ගලවා ඉවත් කොට,ඒවා පාගා අපහාස කරමින් ඒ කොඩි රැඳවීමට යොදාගත් යකඩ බට මේ මැර ප්‍රහාරයට යොදා ගෙන ඇති බව අප වාර්තාකරුවෝ පවසති.
ප්‍රහාරයට හේතුව ලෙස ප්‍රහාරකයන් දන්වා ඇත්තේ උත්සව අවස්ථාවට බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඇතුළු අන්‍ය ආගමික නායකයින් ට ආරාධනා කිරීම සහ සහරාන් විසින් විනාශ කර දමන ලද ඉස්ලාම් සාන්තුවරයින්ගේ සොහොන් නැවත ස්ථාපිත කිරීමයි.
ප්‍රහාරයෙන් පසුව තුවාල කරුවන් විසින් ලබා දෙන ලද සාක්ෂි අනුව දුම්මලසූරිය පොලිසිය විසින් පරීක්ෂණයක් පවත්වා එම පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දීමට ද කටයුතු කර ඇති අතර පහර දුන් අයගෙන් හය දෙනෙක් පමණක් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත නිදහස් කර ඇත.
කෙසේ වුවද පැමිණිලිකරුවන් ප්‍රකාශ කරන්නේ ජාතික කොඩි පාගා ජාතික කොඩියට අපහාස කිරීම වෙනුවෙන් කරන ලද පැමිණිල්ල සහ තවත් තුවාල කරුවෙක් විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව මෙතෙක් දුම්මලසූරිය පොලිසිය විසින් පරීක්ෂණයක් සිදු කර නැති බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තම “ෆේස් බුක්” පිටුවේ සටහනක් තබන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුමේධ වීරවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ සහරාන් හෂීම් ද තම ත්‍රස්තවාදී ක්‍රියා පටන් ගත්තේ කාත්තන්කුඩියේ සාම්ප්‍රදායික සූෆි මුස්ලිම්වරුන්ට එරෙහි කරන ලද පහරදීම් වලින් බවයි.
එම සටහනින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කාත්තන්කුඩි පොලිසිය එකල එම ප්‍රදේශයේ සුෆි ජනතාවගේ පැමිණිලි ගැන නෑසූ කන් ව සිටි බවයි. සුමේධ වීරවර්ධන මහතාගේ සටහනට අනුව දුම්මලසූරිය පොලිසියට ද එම ප්‍රදේශයේ සාම්ප්‍රදායික සූෆි මුස්ලිම්වරුන් පැමිණිලි ගණනාවක්ම මීට පෙර ඉදිරිපත් කර තිබුණද වින්දිතයින්ට යුක්තිය ඉටුවීමක් හෝ යුක්තිය ඉටු වන බවක් වැටහී යාමට තරම් පොලිසියේ ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන බවයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...