සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ඩුබායි නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 292ක් ලබා ගත්තේය.
බබාර් අසාම් ලකුණු 103ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 209ක් පමණයි.
ළහිරු තිරිමාන්න ලකුණු 53ක් රැස් කළ අතර අකිල ධනංජය නොදැවී ලකුණු 50ක් රැස් කළේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ 8 වන එක්දින ක්‍රිකට් තරග පරාජය වීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...