දේශීය පුවත්

පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 30 වැනිදායින් පසු මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට ඇතුල්වීම සඳහා කොවිඩ් 19 එන්නත් කාඩ් පත අනිවාර්ය කර තිබීම මේ දක්වා එන්නත් ලබා නොගත් හෝ අර්ධ වශයෙන් එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවූ අයට ගැටලුවක් මතුකර ඇත.
එන්නත ලබා නොගෙන ඇතැමුන් දේශීය වෙදකම් ගැන පමණක් විශ්වාසය තැබූ අතර එසේම ඇතැමුන් ආගමික මතවාද හා ඇතැම් විද්‍යාත්මක නොවන මිත්‍යා අදහස් නිසාද එන්නත් ලබාගෙන නොමැත.

මෙම පරස්පරය නිසා එන්නත් ලබානොගෙන සිටිමට කෙනෙකුට ඇති අයිතිය කඩ වන්නේදැයි සැකයක් මතුව ඇත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිදහසේ ගමන් කිරීමට ඇති මූලික අයිතිවාසිකම සැලකීමේදී නව ගැසට් නිවේදනයෙන් එය කඩ නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සහාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය අසීමිත බලයක් නොවන බැවින් එය රජයේ සීමාවන්ට යටත් කළ හැකි බව දන්වා සිටී.
සෞඛ්‍ය හේතුවක් මත එයට සීමා පවතින්නට නීතියෙන් බාධා නැති බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය සීමාව සලකා එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම කළ හැකි බවත් මහානාමහේවා මහතා කියා සිටියේය.

ඒ අනුව එම ගැසට් නිවේදනය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ නොවන්නක් වන්නාසේම බහුතරයකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නක් ලෙස අධිකරණයේදී අර්ථ දැක්විය හැකි වනු ඇතැයි හෙතෙම විස්තර කළේය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More