දේශීය පුවත්

භාරත දේශයේ පමණක් නොව සමස්ත ලෝකයේන මිනිසුන් තම මියුරු හඬින් සැනසු, නැලවු අද්විතීය ගායන ශීල්පිණි ලතා මංගේෂ්කාර් මැතිණිය ඊයේ (06) ඉන්දියාවේ මහාරෂ්ඨ ප්‍රාන්තයේ මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩී (Breach Candy) රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත.

මිය යන විට 92 වියේ පසු වූ ඇය 1929 සැප්තැම්බර් මස 28 වන දින ඉන්දියාවේදී උපත ලැබීය.
“Queens of melody” , ” Nightingale of India” ගෞරවනීය නාමයන්ගෙන් පුදලද ලතා මංගේෂ්කාර් මැතිනිය අහිමිවිම භාරතයට පමණක් නොව මුළු ලෝකයටම පිරවිය නොහැකි පාඩුවකි.

ඇය විසින් ගායනා කළ දහස් ගනනක් ගීත විවිධ භාෂා⁣වන්ගෙන් ගායනා කරතිබීම නිසා ලෝකය පුරා රසික රසිකාවියන් ඇය කෙරෙහි ආකර්ශනය වීමට හේතු විය.

1955 තිරගතවු “සැඩ සුළං ” චිත්‍රපටයේ “ශ්‍රීලංකා මා ප්‍රියාදර ජයභූමී -සිරි දැරු හෙළදිව පුරාතනේ” ගීතය ගායනා කරමින් ශ්‍රී ලාංකේය ප්‍රෙක්ෂක හදවත් අදටද අමානන්දයට පත් කිරීමට ඇය සමත් වූවාය.

ලංකා ලීඩ් වෙබ් අඩවිය සමස්ත ශ්‍රී ලංකේය රසික රසිකාවියන් සමඟ එක්ව ලතා මංගේෂ්කාර් මැතිණියට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More