දේශීය පුවත්

මුහුණු පොතේ පළවී ඇති පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර එක්කළ පුද්ගලයකු පෙරේදා (05දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

‘අපි පෙබරවාරි 4 නිදහස සැමරුවා. අපිට තියෙන නිදහස මොකක්ද? භාෂණයේ නිදහස අන්තර්ජාතික මූලික මිනිස් අයිතිවාසිකමක්. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. අදහස් ප‍්‍රකාශ කළාම පොලිසියට සීඅයිඞීයට ගෙන්වනවා නම් අදහස් ප‍්‍රකාශ කරන්න ජනතාව මැලිවෙනවා.

අපේ අයිතිවාසිකම්වලට ගරුකරන්න ඕන. අපි භාෂණයේ නිදහස පාවිච්චි කරන්නේ කාගෙවත් නම කැතවෙන්න නොවෙයි. ඒ වගේ අවස්ථාවලදී අහිංසක මිනිස්සු රස්තියාදු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට ඔබින්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න. පොලිසියට සීඅයිඞී එකට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා.

කතෝලික ක‍්‍රියාකාරිකයකු වන පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි කුමාර ජෝෂන් නමැති පුද්ගලයකු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පියතුමා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More