දේශීය පුවත්

සමගි ජන බලවේගයේ තනතුරු භාර නොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒ සමඟ නොගැළපීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කිරිම සඳහා ද තමන් මූලික වූ බව පවසන චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහු යෝජනා කිරීම සඳහා පුරෝගාමී වූයේ තමන් බව ද පවසයි.

නමුත් පසු කාලීනව සමගි ජන බලවේගය පක්ෂය සමඟ තම කණ්ඩායමේ අරමුණු නොගැලපෙන බැවින් 43 වන සේනාංකය සමඟ වෙනම දේශපාලන මගකට අවතීරණය වීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බවද ඔහු සඳහන් කලේය.

මෙරට දේශපාලනයේ කඳවුරු නොමැති බව පවසන පාඨලී චම්පික රණවක මහතා තමන් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිසක නායකයන් පසුපස ගමන් කරන්නෙක් නොවන බව ද අවධාරණය කරයි.

කෙසේ නමුත් තමන් සමගි ජනබලවේගය පක්ෂයට එරෙහිව හෝ විරුද්ධව කටයුතු නොකරන බව පවසන චම්පික රණවක මහතා සඳහන් කරන්නේ රටේ විපක්ෂ කාර්ය භාරය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සමගි ජන බලවේගය සමග කටයුතු කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා රටේ බෞද්ධ ජනතාව මුලා කරමින් ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ගෙන ගිය අශෝභන වැඩපිළිවෙළ හමුවේ බුදුදහම විනාශ වී ඇති බව පවසන පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අද වන විට බෞද්ධයකු ලෙස නොව කාලි මෑණියන්ගේ නූල දරන පුද්ගලයකු වී ඇති බවයි.

විභාග කොට අවසන් කර ඇති නඩු විභාගයක් නැවත ඉදිරියට ගෙන බිය වැද්දීම් සහ විවිධ අඩත්තේට්ටම් සිදු කරමින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව ද පාඨලී චම්පික රණවක මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කරනවා.

රටේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මොහොතක බැසිල් රාජපක්ෂ මහතා වැඩ ලක්ෂයක් නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා උත්සාහ කරන්නේ තම දේශපාලන හිතමිතුරන්ට කප්පම් ලබා දීම බවද පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළා.



One thought on “සජිත් එක්ක බෑ.. මං වෙන ගමනක් ආරම්භ කලා – පාඨලී චම්පික රණවක”

  1. කිසිම විශ්වාසයක් තියන්න බැරි, පක්ෂ දහයක විතර හිටපු පුද්ගලයෙක් .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More