දේශීය පුවත්

සයිප‍්‍රසයේ ටෙරා කේවිස් වෙළෙඳ සමාගමෙන් බොරතෙල් බැරල් 450,000 ක් මිලට ගැනීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. මිලට ගැනීමේදී සලකා බලා ඇත්තේ අදාළ සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය පමණි.

එනම් හේතුව තෙල් තොගය ස`දහා එම සමාගම මාස 6 ක ණය සහන කාලසීමාවක් ලබාදීමය. මෙසේ මිලට ගන්නා ඛනිජ තෙල් ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදෙනු ඇත.

බොර තෙල් බැරලයක් ඩොලර් 78 ක මිලකට ශ‍්‍රී ලංකාවට විකිණීමට අදාළ සමාගම තීරණය කර තිබේ. පසුගිය දිනවල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් සැපයූ විදේශීය සමාගම් අදාළ තෙල් තොග මෙරටට පැමිණි වහාම මුදල් ඉල්ලා සිටියහ. එහෙත් ඩොලර් අර්බුදය වර්ධනය වීමත් සමගම එම තෙල් නැව් ලංකාවෙන් මුදල් ලැබෙන තුරු දින ගණනාවක් වරායෙන් පිටත සාගරයේ රැඳී සිටියේය. මෙසේ තෙල් රැුගෙන පැමිණි එක් නැවක් මුදල් ලැබෙන තුරු දින 11 ක් ගැඹුරු මුහුදේ රැඳී සිටියේය. මේ නිසා ශ‍්‍රී ලංකාවට තෙල් සපයන සමාගම් මෙරටට තෙල් එවීම ස`දහා අත්තිකාරම් මුදල් ඉල්ලීමද පටන්ගෙන තිබිණි.

ශ‍්‍රී ලංකාවට වසරකට ඩොලර් ටිලියන 400-500 අතර මුදලක ඉන්ධන අවශ්‍යය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More