දේශීය පුවත්

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසිනි.

එම ගැසට් නිවේදන දැක්වෙන්නේ, අදාළ නියෝගයන් අප්‍රේල් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි එන්නත්කරණයේ අවශ්‍ය නියමිත මාත්‍රාවන් ලබා ගෙන තිබිය යුතු බව අදාළ ගැසට් නිවේදනයට අනුව පූර්ණ එන්නත්කරණය ලෙස දක්වා තිබේ.

පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති බවට සාධක, කිසියම් අයෙකු පූර්ණ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි ව්‍යතිරේඛ තත්ත්වයන් සහ එන්නත්කරණය ලබා ගැනීමට යෝග්‍ය වයස් කාණ්ඩ පිළිබඳව නිශ්චය කිරීම් මාර්ගෝපදේශයක් ලෙස හෝ චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, පොදු ස්ථාන, පූර්ණ එන්නත්කරණය, එන්නත්කරණය සිදු කළ යුතු වයස් කාණ්ඩ සහ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි නිර්නායක ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙබිඩි පිලිවෙතක්

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, පූර්ණ එන්නත්කරණය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙබිඩි පිලිවෙතක් ක්‍රියාත්මකවන බවයි.

සෞඛ්‍ය සේවාවේ යෙදවුම්, දේශපාලනිකව වෙනස් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට බලයක් නොමැති බව ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More