දේශීය පුවත්

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය එක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි බව පැවසීය.

එළඹෙන අලුත් අවුරුදු සමය ඇතුළු ඉදිරි මාස කිහිපය සඳහා මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම සහතික කිරීමට ඉන්දියාවෙන් ද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ප්‍රමාණය ඉදිරි මාස හයකට පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ප්‍රමාණවත් වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මීට අමතරව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ඉල්ලා ඇති බවත් ඊට චීනය එකඟ වනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More