ව්‍යාපාරික පුවත්

රටේ ඉඩම් දැවැන්ත අවභාවිතයක පෙරනිමිති පහළ වී තිබේ. මැදරට සහ දුම්බර කඳුකරවල රජයේ තේ වතු (ඉඩම්) කල්බදු ක්‍රමය යටතේ වැවිලි නොවන වෙනත් ව්‍යාපෘති සඳහා දේශපාලන හිතවතුන් අතරේ බෙදාදීමට කටයුතු කිරීම මේ සඳහා “මුට්‌ටිය දමා බැලීමකි”. එනම් අණපනත් රැසකින් නීතිමය ආවරණය ලබන ඉඩම්, වනාන්තර හා සංවේදී කලාප නුදුරු අනාගතයේදීම අනාරක්‍ෂිත කර (අණ පනත් බල රහිත කර) “රාජ්‍ය ඉඩම් බැංකු පනත” නමින් නව පනතක්‌ සම්මත කර ඊට පවරා ගැනීමේ සූදානමක්‌ පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මෙම බැංකුව යටතට පවරා ගන්නා රජයේ ඉඩම් (විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම සතු ඉඩම්) ඉන්පසු පෞද්ගලික ව්‍යාපෘතීන් සඳහා මෙන්ම විදේශීය ව්‍යාපෘතීන් සඳහාද වශයෙන් විකිණෙනු ඇත. මෙවන් පනතක්‌ ගෙන ඒමේ සූදානමක රජය සිටින අතර, පෙර කී පරිදි එහි මුඛ්‍යාර්ථය වන්නේ එක්‌ එක්‌ අයගේ අවශ්‍යතා පරිදි රජයේ ඉඩම් පවරා ගැනීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමය.

රජයේ ඉඩම් අවභාවිත වන බවට හා එවන් අවභාවිතකයින්ට එරෙහිව ජනතාව කොතෙක්‌ හඬ නැඟුවද, විරෝධතා ව්‍යාපාර දැක්‌වූවද පාලකයන් පසුවන්නේ නිද්‍රdශීලීවය. එයට කදිම නිදසුන විල්පත්තු උතුරු, මරිච්චකඩ්ඩු හා කල්ලාර් වනාන්තර විනාශයයි. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන රක්‍ෂිත වනාන්තර කලාපයක්‌ වන මෙහි අවම වශයෙන් අක්‌කර 2500 – 3000 ක ප්‍රමාණයක්‌ යුද නිමාවත් සමඟ පැවැති රජය යටතේ සහ වත්මන් රජය යටතේ විනාශයට ලක්‌විය. විනාශ කරන ලද මෙම වනාන්තර ඉඩම් අද ජනාවාස බවට පත්කරනු ලැබ ඇත්තේ පසුගිය රජයේද, වත්මන් රජයේද ප්‍රධාන දේශපාලන භූමිකාවක්‌ රඟදක්‌වන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මූලිකත්වයෙනි. යුද්ධයෙන් අවතැන් වූ මුස්‌ලිම් ජනතාව සඳහා ඉඩම් හා නිවාස ලබාදීමට අපගේ විරෝධතාවක්‌ නොමැති නමුදු, විල්පත්තුවටත් වඩා වනගහනයකින් සමන්විත වූ මරිච්චකඩ්ඩු, කල්ලාර් රක්‍ෂිත වනාන්තර හෙළිපෙහෙළි කර ඉඩම් ලබාදීමට අපි අපගේ විරෝධය ප්‍රකාශ කරන්නෙමු.

විල්පත්තු උතුරු වනාන්තර විනාශයට හා එවන් වනාන්තර “ඝාතකයින්ට” එරෙහිව අදටත් රජය මගින් ගත් ක්‍රියාමාර්ගයක්‌ නැත. එබැවින් එය තවත් ආදර්ශයක්‌ බවට පත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු.

එම ආදර්ශය ප්‍රකට කරන මීළඟ ඉඩම් අවභාවිතය අපට වාර්තා වන්නේ මැදරට සහ දුම්බර සංවේදී කලාපවල පවතින රජයේ තේ ඉඩම් කලාපවලිනි.

පෞද්ගලික අංශය මගින් කළමනාකරණය කරන තේ වතු සඳහා එක්‌ ඇමැතිවරයකුත්, රජය මගින් කළමනාකරණය කරන තේ වතු සඳහා තවත් ඇමැතිවරයකුත් සිටින මේ රටේ රාජ්‍ය තේ වතු “කළමනාකරණය” අද අන්තයටම පිරිහී තිබේ. එහි ප්‍රතිඵලය ලෙස “රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය” නමින් වෙනම අමාත්‍යාංශයක්‌ හා වෙනම අමාත්‍යවරයකු ද පත්කරන රජය, රජයේ තේ වැවිලි සංවර්ධනය වෙනුවට මෙතෙක්‌ කරන ලද්දේ මෙම වතුවල සුද්දන්ගේ කාලයේ පටන් වැවී තිබුණු දැව ශාක සියල්ල කපා සේවකයින්ට පඩිනඩි හා සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමය. ඉන් පසු ලබ්බට තැබූ අත පුහුලටත් තබා තිබේ. එනම් තේ වතුවල ඉඩම් හා දේපළ කොටස්‌ වශයෙන් කල්බදු ක්‍රමයට වැවිලි නොවන වෙනත් ව්‍යාපෘති සඳහා ලබාදීමය. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී තත්ත්වයක්‌ බව පරිසරවේදීහු පෙන්වා දෙති. 1997 අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතිය අනුවද, 1975 රාජ්‍ය කෘෂිකර්ම සංස්‌ථා පනත අනුවද රජයේ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය හා රාජ්‍ය වැවිලි සංස්‌ථාව සතු තේ (වැවිලි) ඉඩම් වැවිලි නොවන කාර්යයන් සඳහා යොදාගත නොහැක.

එහෙත් හිටපු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා විසින් අමාත්‍ය මණ්‌ඩල සංදේශ අංක 2017/81 යන යොමු අංකය ඵඡෑD/ඡෂ/5/11/2 දරණ 2017.11.23 දින දරණ අමාත්‍ය මණ්‌ඩල සංදේශය ඉදිරිපත් කරමින් ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය (ජනවසම) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව, ඇල්කඩුව වැවිලි සමාගම, ගල්ඔය වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම සහ ශ්‍රී ලංකා කජු සංස්‌ථාව යන ආයතන හත ප්‍රතිව්‍යqහගත කිරීම සඳහා අනුමැතිය ඉල්ලා සිටී.

එකී අමාත්‍ය මණ්‌ඩල සංදේශය පරිදි, ක්‍රියාත්මක වන කබීර් හෂීම්, හිටපු ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයා මැදරට සහ දුම්බර කලාපයේ අතිශය සංවේදී කඳුකර ඉඩම් (තේ වතු) ඒ.බී.සී. වශයෙන් කොටස්‌ තුනකට වෙන්කර සෑම වත්තකම “සී” කොටස සඳහා වැවිලි නොවන පෞද්ගලික අංශයේ ව්‍යාපෘති යෝජනා ඉල්ලුම් කර සිටී. ඒ අනුව තේ ඉඩම් සහිත ජනවසම, ශ්‍රී ලංකා වැවිලි සංස්‌ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම් ත්‍රිත්වය මගින්ම තම තේ වතු ඒ.බී.සී. ලෙස වර්ගීකරණය කර (සී කොටස්‌ සඳහා) වැවිලි නොවන ව්‍යාපෘති යෝජනා කැඳවීම අරඹයි. මෙම ආයතන තුනේ මූලික ව්‍යාපෘති සැලැස්‌මට අනුව තේ වැවිලි නොව, ඒ සඳහා යෝජනා කරන්නේ කුකුළු ගොවිපළ, වතුර බෝතල් කර්මාන්ත, ගල්කොරි, ඛනිජ ද්‍රව්‍ය සඳහා පතල් කැණීම්, ජල විදුලි බලාගාර, සංචාරක ව්‍යාපාර වැනි සම්පූර්ණයෙන්ම තේ වගාවට හෝ වෙනත් වගාවකට (පටහැනි) නොගැලපෙන ව්‍යාපෘතීන්ය.

මෙම ව්‍යාපෘතීන්හි අරමුණ පැහැදිලිsවම රජයේ තේ වගාව විනාශ කිරීම මෙන්ම, තේ ඉඩම් තම හිතවතුන් අතරේ බෙදාහැරීමය.

දැනටමත් මේ සඳහා තෝරාගෙන ඇතැයි කියන ව්‍යාපෘති යෝජනාවලින් වැඩිහරිය මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ගේ වීම විශේෂයක්‌ බව පරිසරවේදීහු කියා සිටිති. ඒ අතර ප්‍රකට කුකුළු ගොවිපළ ව්‍යාපාරික සමාගමක්‌ ද වේ. හුන්නස්‌ගිරිය මීමුරේ පාරේ හමුවන, නකල්ස්‌ වනාන්තරය පාමුල පිsහිටි “හෙයාර් පාර්ක්‌” වත්ත අතිශය සංවේදී ජල පෝෂක ප්‍රදේශයක්‌ වන අතර, මෙම ප්‍රදේශයේ දිය උල්පත්වලින් ලබාගන්නා ජලය නළ මාර්ගවලින් උඩුදුම්බර වැනි ප්‍රදේශවල ජනයාට පානීය ජලය ලෙස ලබාදෙනු ලැබේ. එවන් වටිනාකම් තිබියදී “හෙයාර් පාර්ක්‌” වත්ත සඳහා තෝරාගෙන ඇතැයි කියනු ලබන්නේ ප්‍රකට කුකුළු ගොවිපළ සමාගමක ව්‍යාපෘතියකි. මේ අතර නකල්ස්‌ කඳුකරයේ ඉඩම් සඳහා “ක්‍රිස්‌බෝ” නමැති කුකුළු ව්‍යාපාරික සමාගමද ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි තහවුරු වී ඇත.

රාජ්‍ය තේ වතු කළමනාකරණය සඳහා ස්‌ථාපිත කරනු ලැබූ “රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය” අද මෙහි කටයුතු කරන්නේ තේ වගාව නැංවීම සඳහා නොවේ. පෞද්ගලික තේ වතු 19 ක්‌ භාර නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමැතිවරයා “ග්ලයිෙµdසෙට්‌” රසායනිකය තේ වගාවට ඉල්ලා සටනක යෙදෙද්දී හිටපු ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා සටනක යෙදුණේ තේ වතු වැවිලි නොවන වෙනත් ව්‍යාපෘතීන් සඳහා කල්බදු ක්‍රමයට ව්‍යාපාරිකයන්ට ලබාදීම සඳහාය.

මේ අනුව හන්තාන, දෙල්තොට, ගලහ, ගම්පොල වැනි මැදරට කලාපයේ තේ වතු ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය මගින් කල් බදු සඳහා වෙන්දේසියේ තබද්දී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සමාගම දුම්බර කලාපයේ තේ වතු කල්බදු ක්‍රමයට වෙන්දේසියේ දමා තිබේ.

මේ සෑම කලාපයකම තේ ඉඩම් වෙනත් නොගැලපෙන ව්‍යාපෘතීන් සඳහා ලබාදීමත්, ලබාදෙන පුද්ගලයන් පිළිබඳවත් ගැටලු රැසක්‌ මතුව ඇතත්, දැවැන්තම බලපෑම වාර්තා වූයේ දුම්බර (නකල්ස්‌) කඳුකර ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතවය.

හෙක්‌ටයාර් 21,000 ක්‌ පුරා මාතලේ සහ මහනුවර දිස්‌ත්‍රික්‌ දෙකේ පැතිර පවතින ඉහළ කඳුකර දුම්බර (නකල්ස්‌) කඳුකරයේ පාදම (පාදස්‌ථය) මෙසේ වෙන්දේසියේ දමා තිබෙන රාජ්‍ය වැවිලි සංස්‌ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම සතු තේ වතු කලාපයයි. මෙයින් 99% ක්‌ම අයත් වන්නේ වැවිලි සංස්‌ථාව යටතටයි.

මෙම ඉඩම් අතිශය පාරිසරික සංවේදී කලාපයක්‌ වන අතර, තේ වගාව නොමැති නම් අනිවාර්යයෙන් මෙම ඉඩම් අයත් විය යුත්තේ සංරක්‍ෂිත නකල්ස්‌ ලෝක උරුම වනාන්තරය යටතටය. මහවැලි ගංගාවේ ජල පෝෂණයෙන් 30% ක්‌ සපයන දුම්බර කඳුකර වනාන්තරය, නිරිතදිග මෝසමේ ප්‍රධාන බාධක කඳුවැටියයි. එනම් නිරිතදිග මෝසම් වර්ෂාව රටට ලැබෙන්නේ පැහැදිලිවම නිරිතදිග මෝසම් වළාව දුම්බර කඳුකරයේ බාධකවල හැපීමෙනි. එසේම නොගිනිය හැකි ජෛව විවිධත්ව, කාලගුණික, දේශගුණික හා ආගමික සංස්‌කෘතික වටිනාකම් ඇති දුම්බර ලෝක උරුම වනාන්තර පාමුල සංවේදී වනාන්තර තවදුරටත් මෙම වනාන්තරයේ පෝෂණය සඳහා වනාන්තරයටම ඈදා සංරක්‍ෂණය කළ යුතුව තිබියදී හිතවතුන් අතරේ බෙදා ගන්නා මජර සංස්‌කෘතියට යටත් කිsරීම කිසි ලෙසකින්වත් ගැලපෙන්නක්‌ නොවේ.

කෙසේ හෝ මැදරට කලාපයේ හන්තාන, දෙල්තොට, ගම්පොල කලාප හැරුණු කොට දුම්බර කලාපයේ රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් නකල්ස්‌ පාමුල තේවතු 12 ක්‌ පමණ මෙසේ පෞද්ගලික වැවිලි නොවන වෙනත් ව්‍යාපෘතීන් සඳහා කල්බදු ක්‍රමයට ලබාදීමට නියමිතව ඇත. (යෝජනා කර ඇත.) අලකොළේවත්ත, කොටගඟවත්ත, ගල්පිහිල්ලවත්ත, ගෝමරේවත්ත, හග්ගල්ලවත්ත, හෙයාර්පාර්ක්‌වත්ත, හුන්නස්‌ගිරිය වත්ත, කැලෑබොක්‌ක වත්ත, මැදවත්ත (මිඩ්ලන්ඩ්ස්‌) නිකලොයිවත්ත (නාය යැමට ලක්‌ව 15 කට ආසන්න පිරිසක්‌ මියගිය වත්තකි) රංගලවත්ත, ඕපල්ගල වත්ත මේ අතර වේ.

මෙම වතු වෙන්දේසියේ දැමීමත් සමඟ පරිසරවේදීන්ගේ විරෝධතා දැඩිවී ඇති අතර දැනටමත් විරෝධතා පාගමන් සහ රැලිද පැවැත්වුණු අතර, මහානායක ස්‌වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් පසු මල්වතු මහා විහාර නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාවද දැනුවත් කර මීට එරෙහිව පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත. එහෙයින් ජනාධිපතිවරයා විසින් මේ වන විට අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පවසා ඇත්තේ කමිටුවක්‌ පත්කර මේ පිළිබඳව විමර්ශනය කර වාර්තාවක්‌ ලබාදෙන ලෙසයි. එහෙත් පරිසරවේදීන් පවසන්නේ රටේ ඉඩම් මංකොල්ල කෑමට නොහොත් අවභාවිතය සඳහා පැමිණෙන “රාජ්‍ය ඉඩම් බැංකු පනතට” පෙර දුම්බර ඉඩම් කොල්ලය “මුට්‌ටිය දමා බැලීමක්‌” බවයි. එහෙයින් මේ ඉඩම් අවභාවිතය සඳහා ජනාධිපති කොමිසමක්‌ හෝ විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක්‌ පත්කර රාජ්‍ය ඉඩම් අවභාවිතාවේ සැබෑව රටට හෙළිකරන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

එසේම අතිශය සංවේදී දුම්බර වනාන්තරය පාමුල මෙම තේ ඉඩම් දැනටමත් අණපනත් මගින් ආරක්‍ෂා වී පවතින බැවින්, එම අණපනත් තවදුරටත් ආරක්‍ෂා කරමින් මෙවන් සංවේදී ඉඩම් තේ වගාවෙන් ගොඩනැංවිය නොහැකි නම් දුම්බර සංරක්‍ෂිතයටම පවරා දීමට කටයුතු කරදෙන ලෙස පරිසරවේදීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කරයි. දුම්බර ඉඩම් අවභාවිතය සහ සංවේදී කඳුකර තේ ඉඩම්වල ඉරණම පිළිබඳ ගවේෂණාත්මක ලිපි පෙළක්‌ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More