දේශීය පුවත්

යුද්දයට මුහුණ දුන් ආකාරයටම ජිනිවාහි යුද අපරාධ චෝදනා වලටත් ප්‍රහාරාත්මකව මුහුණ දිය යුතු බව ජෙනරාල් චාගී ගාල්ලගේ මහතා පවසයි. “දි අයිලන්ඩ්” පුවත් පතට අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කරන්නේ යුද අපරාධ චෝදනා වලට නිසි පිළිතුරු බැඳීම මගින් එම චෝදනා නිෂ්ප්‍රභා නොකළොත් භයානක තත්වයක් ඇතිවන බවයි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් එම මතය දිගින් දිගටම ඉදිරිපත් කරමින් ආණ්ඩුවට බලපෑම් කළද වග කිව යුතු නායකයින් ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීම පුදුම සහගත බවට පසුගියදා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස මහතා විසින් සඳහන් කරණ ලදී.එසේ වුවත් මේ වන තුරු ආණ්ඩුවට ඒ ආකාරයට තම හමුදාවට එරෙහිව එල්ල වන පදනම් විරහිත චෝදනා වලට උත්තර බැඳීම සඳහා සූදානම් වන බවක් වාර්තා වන්නේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More