වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (02) පැවති වැඩසටහනට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලා ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවත්ය.
එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ ‘ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වෙන්කර ඇති බවයි.
වැඩිදුරටත් අදහ දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,
“ඉන්දියා එක්සිම් බැංකුව සමග ගිවිසුමක් අත්සන් කළා. ටිකක් කතා කරන්න වුණා. ඒ නිසයි මෙතනට එන්න ප්‍රමාද වුණේ.මුළු රටම වැළඳගත්ත සංවර්ධන වැඩපිළිවෙලක් හෙට සුබ මොහොතින් ආරම්භ කරනවා. මේක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ජනතාව විසින් තෝරාගන්නා ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මින් අදහස් කරලා තියෙනවා. රජය සපයන්නේ අරමුදල් පමණයි. අපි මේකෙදි ප්‍රධාන අංශ 4ක් යටතේ මුල්තැන දෙනවා. ඒ කියන්නේ ජීවනෝපායට, යටිතල පහසුකම්, පරිසරය හා සමාජ සංවර්ධනය. ප්‍රමුඛතාවය අපේ රටේ නිෂ්පාදනය වැඩිකිරීම. මුදලින් කිව්වොත් රුපියල් බිලියන 85ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා.නිවාස සම්බන්ධ වෙළෙඳසැල් 14,000ක් සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කරලා තියෙනවා.ඉන්ධන මිල සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තුව අඩුවීමක්. ඉන්ධන මිල වැඩිකිරීමට එකඟද නැද්ද කියන එකට වැඩිය කැමති නෑ. කැමතිද නැද්ද කියලා අහුව නම් වැඩිය හොඳයි.ඉන්දියාව සමග තිබුණේ දේශපාලන සාකච්ඡාවක් නෙවෙයි. අයවැය වෙලාවේ මම ගිහින් කතාකළා ඒ උදව්ව කොටස් වශයෙන් ලැබෙනවා. ඉතුරු ප්‍රමාණය වෙනුවෙන් පෙබරවාරි දෙවන සතියේ ගිවිසුම්ගත වෙන්න බලාපොරොත්තුවෙනවා. අපිට අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ඇතුළු දෑ ගන්න අමෙරිකානු ඩොලර් බිලියනයක් මාර්තු මුල වෙද්දි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.2022 ණය පොලී ආදිය අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. අපි ඒක අනිවාර්යයෙන් ගෙවනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 30ක් අවශ්‍යයි. කඩාවැටුණු ක්ෂේත්‍ර යළි ගොඩනැගෙයි කියලා හිතනවා. ඒ අනුව අපි සැලසුම් සකස්කරලා තියෙනවා.”
මෙහිදී මාධ්‍යවේදියෙක් , “IMF එකත් එක්ක සාකච්ඡා කරමින්ද ඉන්නේ?” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්,
“ඒකත් තහනම් වචනයක්. නිල වශයෙන් එවැන්නක් කරලා නැහැ. විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා.” යනුවෙන් පැවසුවේය.
මාධ්‍යවේදියෙක් – “ඇමතිතුමා මුදල් මුද්‍රණය කිරීම කවදා නවතියිද ?”
අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “ඒක නතර කරන්න බැහැනේ. මගේ අත්සන සහිත මුදල් තාම ගැහුවෙත් නැහැ. ඒකත් ගහන්න ඕනනේ.”
මාධ්‍යවේදියෙක් – “ඉදිරියේදී වාහන ආනයනය කරනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ද?”
අමාත්‍ය බැසිල් රාජපක්ෂ – “වාහන ගෙන්න ඉස්සෙල්ලා පරිප්පු ටික ගේන්න එපැයි. මම බලන්නේ හෙට උදේ වෙද්දි පරිප්පු කන්ටේනර් ටික බේරන්නේ කොහොමද කියලා. කොහොම හරි මෙහෙම කාර් එකක් හදාගමු.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...