දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මුල සිටම කැපවීමෙන් කටයුතු කළ පිරිස් අමතක කොට රජයේ සුළු පිරිසක් වෙනත් ගමනක් යන ආකාරයක් දක්නට ලැබෙන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

ජාතික නිදහස් පෙරමුණේ පර්යේෂණ අංශය මගින් සම්පාදිත, ‘ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාවේ ඉරණම’ නම් වූ ග්‍රන්ථය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරුන් වන ඩී. එම්. නන්දරත්න සහ ඩී. යූ සෙනරත් යන මහත්වරුන් විසින් ඊයේ (31) සිදු කළ අවස්ථාවේ නාහිමියෝ ඉහත අදහස් පළ කළහ.

මෙහිදී තවදුරටත් අදහස් පළකළ සිරිවිමල හිමියෝ මෙසේද කීහ,

“වර්තමාන ජනාධිපතිතුමා පත් කරන්න, වර්තමාන රජය ස්ථාපිත කරන්න ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විශාල කැපවීමකින් කටයුතු කළා. නමුත් මේ රට වෙනුවෙන් නිසි මෙහෙවරක් කරන්න එතුමාට අවස්ථාවක් ලැබුණේ නැහැ කියන එක තමයි පෙනෙන්න තියෙන්නේ. ආණ්ඩුව පිහිටුවන්න මුල ඉඳලම කැපවෙලා වැඩ කරපු ඇතැමුන්ට අද නිසි තැනක් හම්බ වෙලා නැහැ. බොරුවට කෑ ගහපු පුහු පුද්ගලයන් හට තමයි තැන ලැබිලා තියෙන්නෙ.

විමල් වීරවංශ වැනි අය සෑම විටකම වැරැද්ද පෙන්වා රජය හරි මගට ගන්න කටයුතු කරනවා මිස බොර දියේ මාළු බාන්න කටයුතු කරලා නැහැ. බොරුවට කෑ ගහන අයට තැන ලැබුණු නිසා තමයි රජයට ඇතැම් ගැටළුවලට මුහුණ පාන්න වෙලා තියෙන්නෙ. මේ මුස්ලිම් අන්තවාදය කියන එක කොයි වෙලාවෙ, කොතැනින් එළියට එයිද කියලා අපි දන්නේ නැහැ. අපි සියලුදෙනා ඉතා කල්පනාකාරීව වැඩ කළ යුතුයි” යනුවෙන් ද නාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත නඳුන්ගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More